සෞභාග්‍යයයේ එළිය බලන්න කුප්පි ලාම්පු එළියෙන් බලන්න බැරි බවත් ඒ සදහා ලාම්පුතෙල් නොමැති බවත් ඉටිපන්දම් වලත් මිල වැඩිවී ඇති හෙයින් අද කණාමැදිරි එළියෙන් බවයි, සෞභාග්‍යය දැක්ම බලන්න පුලුවන් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.

වැඩි දුරටත් පැවසූ මන්ත්‍රිතුමා,

“2015 යහපාලන ආණ්ඩුව ඇවිත් අඩුවට පෙට්ට්‍රල්, ඩීසල් ලබාදීලා රුපියල් දහදාහක රාජ්‍ය සේවක පඩි වැඩිකරලා ගැබිණි මාතාවන්ට විසිදාහක දීමනාවක් දුන්නම රට බේරගන්න ඡන්දය දුන්නේ සෞභාග්‍යය ගේන්න කියලා. ඒ කාලය තුළ තමයි ළුණු කිලෝව 180 වුණාම ලූනු කෑවද ඇහුවේ ඒ වගේම ඒ දවස් වල මේ අය ඇහුවේ පැය විසි හතරක් ලයිට් දෙන්න බැරි අය කොහොමද ආණ්ඩු කරන්නේ කියලා. ඒ වගේම 114 පෙට්‍රල් අඩු කරාලා රුපියල් දෙකකින් වැඩි කරාම පුට් බයිසිකලෙන් ගොන් කරත්තෙන් කට්ටියක් පාර්ලිමේන්තුවට ඇවිත් ජනතාව අවුස්සපු විදිය මුලා කරපු විදිය ජනතාවට අමතක නැහැ. ඒ වගේම දිනෙන් දින ඒ රජය කරන දේවල් අමතක කරල දාල විපක්ෂය විදිහට ජනතාව කුලප්පු කරපු විදිය අමතක වෙලා තියෙනවා. අද ඒ කරපු දේවල් අමතක වෙලා අද එක ඇමතිවරයෙක් නෑ ජනතාවගෙන් හොඳක් අහන එක ඇමතිවරයෙක් නෑ තමන්ගේ අමාත්‍යාංශයක් හොඳින් වැඩ කරන එක ඇමතිවරයෙක් නැහැ ජනතාවට සහන දීලා ජනතාවගේ පැත්තෙ ඉදන් කතා කරන. කෘෂිකර්ම ඇමතිවරයා කතා කළොත් තමන්ගේ විෂය පථයට අදාළ ගොවි ජනතාව විරුද්ධව කතා කරන්නේ. වෙළඳ කටයුතු ඇමතිවරයා කතා කරන්නේ විෂය පථයට අදාළ පාරිභෝගිකයාට විරුද්ධව. තෙල් ඇමතිවරයා කතා කරොත් කතා කරන්නේ ජනතාව කබලෙන් ලිපට වැටෙන විදියට තෙල් මිල වැඩි කරන විදියට මුදල් ඇමැතිවරයා ඇවිත් කතා කරන්නේ එක මොළයක් වෙනුවට මොල හතක් දාලා හත්පොලේ ගාගෙන. ඒ වගේම තමයි දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු කතා කරන්නේ තමන්ගෙ විෂය පථයට අදාළ ව ජනතාවට බලපාන කාරණා වලට විරුද්ධව ජනතාව ද්‍රෝහි විදිහට කතා කරන්නේ එක ඇමැතිවරයා වශයෙන් ජනතාවගේ පැත්තෙන් නම් ජනතාවට සහනයක් ලබා දෙන්න” යැයි එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ ය.