පසුගිය කාලවකවානුවේ පැවති ජන අරගලය අතරතුර, අරගලකරුවන්ට ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ කෝටි ගණනක මුදල් පිළිබඳව දැනගැනීමට දූෂණ විරෝධී බලවේගයේ සබාපති මුජිබර් රහ්මාන් මහතා හෙට(27)  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණීමට නියමිතව තිබේ.

එම මුදලට කුමක් සිදුවීද යන්න පිළිබඳව දැනගැනීමට සහ ජනාධිපති මන්දිරයෙන් හමුවූ එම මුදල් පිළිබඳව, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම ඉදිරියට ක්‍රියා නොකිරීමට ගත් තීරණය පිළිබඳව, තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි මුජිබර් රහ්මන් මහතා අප වෙත අදහස් දක්වමින් කියා සිටියේ.