අද පාර්ලිමේන්තුවට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන ජාතික සභාව පිළිබඳව සමගි ජනබලවේගයේ එකගතාවය ඇතත් ඊට පෙර සඳහන් කල යුතු කරුණු රැසක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය.

ව්‍යයස්ථානුකූල ජාතික රාජ්‍ය සභාවක් සමගි ජනබලවේගයේ මහ ලේකම්වරයා ඉදිරිපත් කළ බව පැවසූ ඒ මහතා අද ආණ්ඩුව ඉදිරිපත් කොට ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් එකක් බවද කීය.

නීතිමය ආයතනයක් වෙනුවට බොරු රැවටිල්ලක් ආණ්ඩුව සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය.