කොළඹ නගරයේ ජනතාව මෙන්ම සමස්ත රටේ ජනතාවද බරපතළ ප්‍රශ්න රැසකට මැදිව ජීවත්වන බවත් ඒ සියල්ලට ප්‍රායෝගික උත්තර ලබාදිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දූෂණය මර්දනය අල්ලස මෙන්ම කොන්ත්‍රාත් දේශපාලනය ද සහමුලින් නතර කරන බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයේ මහජන නියෝජිතයින් ද පැවරී ඇත්තේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම පමණක් යැයිද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ කොළඹ සිද්ධාර්ථපුර පොකුරු රැස්වීමකට එක්වෙමිනි.