ගල් අගුරු වංචාව පිළිබදව සොයාගෙන යද්දී තමන් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවෙන් ඉවත් කිරීමට ආණ්ඩුවේ ඇතැමුන් සූදානම් වූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.

“ඉස්සෙල්ලා කරේ ඒ කට්ටියගේ මහා ලොකු හයිය පෙන්නලා ස්ථාවර නියෝග අත්හිටුවලා ඒගොල්ලන්ගෙ කෙනෙක් පත් කර ගත්තා… ආයේ සෙල්ලම් බෑ…. විපක්ෂයෙන් ඉදිරිපත් කරන්නෙත් මාව ම තමයි…. හැප්පිලා බලමු”

ඒ මහතා පෙන්වා දුන්නේ තවත් වංචා දූෂණ කිහිපයක් සම්බන්ධයෙන් සොයාගෙන යනවිට තමන් මුදල් කමිටුවෙන් පන්නා දැමීමට ආණ්ඩුව කටයුතු කළ බවකි.

කෙසේවෙතත් මුදල් කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට හිමිවිය යුතු බවද ඒ මහතා කියා සිටියේය.