ජනාධිපතිවරයා තේරීමේ ඡන්දයේ දී අපි කළේ ජනතා න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම බව අද(25)විපක්ෂනායක කාර්යාලයේ පැවතී මාධ්‍ය හමුවට සහබාගී වෙමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසිය

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා

පසුගිය 20දා ජනාධිපතිවරයා තේරීමේ ඡන්දයේ දී අපි කළේ ජනතා න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ වෙනුවෙන් ක්‍රියා කිරීමයි. අවාසනාවට ඒ ක්‍රියාදාමයේ දී ආණ්ඩුව ජනාධිපතිවරයා පත් කරන්න අවශ්‍ය කණ්ඩායම ක්‍රියාත්මක කළේ තමන්ගේ ආරක්ෂාව පැවැත්ම සහ දේශපාලන අනාගතය සහතික කරගන්න ඡන්දය පාවිච්චි කිරීමයි .

අපි පහුගිය කාලයේ අරගල කණ්ඩායම් සමඟ විවිධ සාකච්ඡා කළා. අරගලකරුවන් කියන්නේ මේ රටේ ජනතාව සමග එකතු වෙලා රාජ්‍ය පරිපාලනයේ system change එකක් ගැන කතා කරපු කණ්ඩායමයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ අපේ කණ්ඩායම අරගලය දින වන ජනතා සම්මුතිය ජයග්‍රහණය කරවීම තමයි අපේ මූලික අභිප්‍රාය වුණේ. ඔවුන් කියලා තිබුණු පරිදි 19 වෙනි සංශෝධනය කඩිනමින් සම්මත කිරීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, රාජපක්ෂලා හා දූෂණයට සම්බන්ධ නැති අයගෙන් සමන්විත සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම, වසරක් තුළ මහ මැතිවරණයකට යෑම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන තෙල් ,විදුලිය ,ගෑස් වැනි අත්‍යවශ්‍ය දේවල් කඩමින් ලබා දීම වැනි කරුණු ගණනාවක් අරගලය දින වන ජනතා සම්මුතියට ඇතුළත් වෙලා තිබුණා.එය තමයි අපි දිනවන්න කතා කළේ .නමුත් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් 134ක් මෙය නොවෙයි කළ යුත්තේ කියලා රනිල් වික්‍රමසිංහ මහතා දිනවන්න පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළා. අපි දන්න හැටියට ඒ ඡන්දය දුන්නු කණ්ඩායම් වල අභිමතය වුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නවත්තන්නයි මොකද දැන් ආණ්ඩුවට රටේ ජනමතයක් නැහැ. පාර්ලිමේන්තුවේ මතය සහ බිම තියෙන මතය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා තමයි අපි කිව්වේ පත්කරපු ජනාධිපති අරගලයකින් පලවා හරින කොට ආණ්ඩුව අරගලයකින් විසුරවා හරින කොට අවුරුද්දක් ඇතුළත අන්තර් කාලීන ආණ්ඩුව තුළින් මැතිවරණයක් පවත්වා ජනතා නියෝජිතයන් පත් කරගන්න කියලා ඒ අයට රටේ වගකීම භාර දිය යුතුයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවේ කණ්ඩායම් මන්ත්‍රීවරුන්ට පොරොන්දු දීලා තිබුනා ආණ්ඩුව විසුරුවා හැරීම සිදු කරන්නේ නැහැ කියලා.ඒ වගේම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගණනාවක් පහුගිය අරගල අවස්ථාවේ විනාශ වුණා ඒ කණ්ඩායම් වලට රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් සහතිකය තමයි වන්දි ගෙවීම, ගෙවල් ගොඩනැගීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සහ අවශ්‍ය සම්පූර්ණ ආරක්ෂාව ලබා දීම. මේ කාරණා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වුණා ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය අනුව තමයි බහුතරය ඔහුට ලැබුණේ නමුත් රටේ ජනතා මතයට විරුද්ධව පාර්ලිමේන්තුවේ එම ක්‍රියාදාමයන් ජනතාවගේ මතය බව අපි පිළිගන්නේ නැහැ.

සමහර අය කියනවා මේ සඳහා මුදල් ගනුදෙනු සිදු වුණා කියලා අපි ඒ අය දැක්කේ නැති වුණත් සමාජයේ මතයයි. මේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ක්‍රියාත්මක වුණු ආකාරය පොරොන්දු වුණු වරප්‍රසාද මැති ඇමතිකම් ගැන සමාජයේ කතා වෙනවා. අපේ කණ්ඩායමෙත් සමහර අයට ආණ්ඩුවේ මැති ඇමතිවරු නියෝජිතයන් කතා කරලා පොරොන්දු වෙලා තියෙනවා මැති ඇමතිකම් භාර ගැනීමට එන්න රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දීලා කියලා. එය ප්‍රතික්ශේප කරපු අපේ කණ්ඩායමට අපේ ගෞරවය පිරිනමනවා.

අද අලුත් ජනාධිපතිතුමාට ප්‍රධාන අභියෝග කීපයක් තියෙනවා එය මේ රටේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගීම. එසේ නැතුව රටක් ඉස්සරහට ගන්න බැහැ. ඒ වෙනුවෙන් ඔහු උපායමාර්ගික සැලසුම් සහගත වැඩපිළිවෙළක් තිබෙනවාද කියන කාරණය අපි දන්නේ නැහැ. අගමැතිවරයා විදියට වැඩ බාර අරගෙන රටේ ප්‍රතිසංස්කරණ ගැන කතා කරත් ඒවායේ ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ජනතාව ඉල්ලන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම කඩිනමින් කරන්න කියලා එහිදී තෙල්, ගෑස්, විදුලිය ,බෙහෙත්, පොහොර සහ ආහාර ජනතාව ජීවත් වීමට අත්‍යවශ්‍යම කාරණා එම කාරණා සඳහා යම් සහනයක් වෙන වැඩසටහනක් කඩිනමින් අනුමත කළ යුතුයි. ඒක කිරීමේ මුලික අභියෝගය ජනාධිපති ඉදිරියේ තිබෙනවා.

ඒ වගේම බිඳ වැටුණු සංචිත ගොඩනඟන්නේ කොහොමද යන්න අභියෝගයක් තියෙනවා. එහිදී වැදගත්ම කාරණය අපේ රටේ ආදායම් මාර්ග සකස් කිරීම විනිමය ,දේශීය ආදායම් ගොඩ ගන්න මොකක්ද කරන වැඩපිළිවෙළ අපි දන්නේ නැහැ .කනගාටුදායක කාරණාව තමයි ගිය වර්ෂයේ ජුනි මාසයේ සිට මෙය වසරේ ජුනි මාසය අතර විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන ලද මුදල් ප්‍රමාණය 47% කින් අඩුවෙලා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුණා කියලා පොහොට්ටුවේ පාලනයේ වෙනසක් ඇතිවුණා කියලා ජාත්‍යන්තර පිළිගැනීමකට හා විශ්වාසය දිනාගෙන නැහැ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ. ඒ විශ්වාසය මත තමයි විනිමය සංචිත ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ එය කිරීම සඳහා ජනාධිපතිවරයාට තිබෙන අභියෝගය කොහොම ක්‍රියාත්මක කරයිද කියන්න දන්නේ නැහැ.

අද අපි ඉදිරියේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා ජීවත් වෙන්න පුළුවන් ආර්ථික පදනමක් නැහැ ආදායමේ වෙනසක් ඇති වෙලත් නැහැ වෙන කාලයට රාජ්‍ය සේවය පෞද්ගලික සේවය පඩියට අමතරව අතිකාල දීමනා සහ වෙනත් ආදායම් මාර්ග තිබුණා .නමුත් මේ තත්ත්වය හමුවේ රාජ්‍ය සේවය හකුලලා ඔවුන්ගේ දෛනික වේතන ලබන්නන් විතරක් නෙමෙයි මාසික වේතන ලබන්නන්ට අමතර දීමනා කිසිවක් නැති නිසා ජීවත් වෙන්නේ අරගලයක .මේ තත්ත්වය හමුවේ ජනතාවගේ ආදායම් බිඳවැටිලා ආර්ථික ක්‍රියාවලියට අවශ්‍ය දේවල් සිදු වෙන්නේ නැහැ ආදායම බිඳ වැටුණු මොහොතක බඩු මිල ඉහළ යෑම ජීවන වියදම ඉහළ යෑම තවදුරටත් දරාගන්න බැහැ.

ඉදිරි දිනවල විදුලි බිල විශාල ප්‍රතිශතයකින් ඉහළ යන බව කියනවා එය ජනතාවට දරාගන්න බැරි වෙනවා. වෙළෙඳපොළ තත්ත්වයත් ඒ වගේමයි වෙළඳපොළේ තත්ත්වයක් නරක අතට හැරිලා පරිප්පු කිලෝ එකක් 650 පාන් ගෙඩියක් 196 අල කිලෝ එකක් හාරසිය විස්සයි සැමන් ටින් එක 750යි .2019 මහමැතිවරණය ප්‍රධාන පොරොන්දුව සැමන් ටින් එක රුපියල් 100යි පරිප්පු කිලෝ 165 ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ මැතිවරණ පොරොන්දුවක් හැබැයි මේ වෙනකොට සැමන් 750යි පරිප්පු කිලෝ එක 600ට එහා ගිහිල්ලා. සීනී 370යි පොල් ගෙඩියක් 100ක් වෙලා ඒ විතරක් නෙමේ බිත්තරයක් රුපියල් 50 දක්වා වැඩි කරලා මේ තත්ත්වය පාලනය කිරීමේ වගකීම ජනාධිපතිට හා ආණ්ඩුවට තිබෙනවා අපි බලනවා කොයි විදිහට ද මෙය පාලනය කරන්නේ කියලා 2022 පළමු මාස 7 ගේ වෙලා ඉවරයි අපි ආරම්භ කරන්නේ කුමන පදනමකින්ද ජනතාවට බේරගෙන රට යළි ස්ථාවර කරලා රන්න ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියන එක ජනාධිපතිවරයා පැහැදිලි කිරීම පමණක් නෙමෙයි වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න වෙනවා ඒක ඔහු ඉදිරියේ තිබෙන අභියෝගයක් නැත්නම් මේ අරගලය නවතින්නේ නෑ මේ අරගලය දේශපාලන අරගලයක් නෙමෙයි අන්තවාදී aragalaya අරගලය ගොඩනැගුණේ ජනතාවගේ සමස්ත එකඟතාව ඇති බව පැහැදිලියි.

කැබිනට් මණ්ඩලයට ඇමතිවරු 18 පත් කරා මාධ්‍යවල තිබෙනවා තවත් හතරක් පත්කරනු යෝජනා කරනවා කියලා හෙට අනිද්දා තවත් අය පත්කරාවි ඇමති මණ්ඩලය පැටව් ගැහුවා කියලා වෙනසක් ඇතිවෙලා නැහැ අද කරල තියෙන්නේ අසාර්ථකයි කියපු බිඳවැටුණා කියපු ඒ කණ්ඩායම යළි ගෙනල්ලා වාඩි කරලා රටක් ගොඩනගන්න කරන උත්සාහයක් හැටියට අපි දකිනවා.

තෙල් අර්බුදය විසඳන්න ආණ්ඩුවට කිසිදු උපායමාර්ගික වැඩපිළිවෙළක් නැහැ දැන් බලනවා QR code එකක් දාලා නියමිත අංක වලට අදාල ඉන්ධනහල් වලට ගිහිල්ලා තෙල් ලබා ගන්න පුළුවන් කියලා ඒක තවමත් නැහැ හැබැයි පෝලිම්වල අඩුවක් නැහැ මේ උත්සාහ කරන්නේ කොලේ වහල ගැහිල්ලක් ලංකාවේ සාමාන්‍යයෙන් තෙල් පරිභෝජනය පෙට්රල් මෙට්‍රික් ටොන් 3500 ට වැඩි ඩීසල් මෙට්‍රික් ටොන් 1500 දාහක් වැඩි නමුත් අවාසනාවකට තෙල් වල තියෙන අර්බුදකාරි තත්වය නිසා මේ ප්‍රමාණය සැපයීමට නොහැකි වීමෙන්. ඊයේ මරණ දෙකක් වාර්තා වුණා කෝවීඩ් මරණ වගේ තෙල් පෝලිම් මරණ වාර්තා වෙනවා QR code එක අනුව තෙල් නිකුත් කිරීම හරහා කරන්නේ දෛනික තෙල් පරිහරණය කිරීම අවම කිරීමයි වෙනත් කාරණාවක් නැහැ මෙහි යටි අරමුණ දිහා බැලුව ම සිදු වන්නේ ලබන අගෝස්තු මාසේ 15ට පස්සෙ ලංකාවට තෙල් ගෙන්වන්න කිසිදු ඇනවුම් ක්‍රියාත්මක වෙලා නැහැ සැප්තැම්බර් දක්වා කිසිදු ආකාරයක තෙල් ගැන්වීමේ වැඩපිළිවෙළක් නැහැ එහිදී ඇති වෙන තෙල් හිඟය වළක්වා ගැනීම සඳහා q r code එක ගෙනත් තියෙන්නෙ එහෙම කරන්න පුලුවන්ද අත්‍යවශ්‍ය සේවාවන් මොකද වෙන්නේ පාසල් ටික ගත්තත් සතියට දවස් තුනයි එය විවෘත කරන විට ගුරුවරුන්ට දරුවන්ට පාසල් වලට යන්න පුළුවන් විදියට පප්‍රවාහන පහසුකම් තියෙන්න ඕන පෞද්ගලික බස් රථ සංගමය කියනවා 50% ක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා පුද්ගලික වාහන වලට ඇත්තෙම නැහැ සෞඛ්‍ය අංශයට ඇතිවෙච්ච තත්ත්වය අපි දකිනවා ගැබිණි මව්වරුන් විශාල ලෙස අපහසුතාවට ලක්වෙනවා ඉන්ධන නොමැති කම නිසා මහා බරපතළ ඛේදවාචක තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා මේවට ආණ්ඩුව විසඳුම් දිය යුතුයි මේ සඳහා විසඳුමක් ඉදිරිපත් කරලා එය ක්‍රියාවට නංවලා රටේ මූලික ප්‍රශ්න විසඳන්න උත්සාහ කළ යුතුයි ඒ බව එය විසඳන්න උත්සාහ කරන බව අපිට පේන්නෙ නැහැ.

වඳුරන්ගෙන් බෝවන වෛරසයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා එය හදිසි තත්වයක් බවත් කියනවා එය පාලනය කරගන්න අපේ රටේ කිසිම ක්‍රියාමාර්ගයක් තාමත් ගෙන නැහැ ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වන පිරිස් මේ virus ඒ වැළඳිලා නැහැ කියලා තහවුරු කරගන්න කිසිම පියවරක් අරගෙන ඒ ගැන පැහැදිලි කර යුතුයි covid virus එකෙත් මේ දේ තමයි වුනේ රටට ඇතුල් වන අය හොයාගන්න බැරි වුණා දැනට මෙම වෛරසය ලෝකෙ පුරා පැතිරෙනවා අසල්වැසි රට ඉන්දියාවේ රෝගීන් ගණනාවක් හොයාගෙන තියෙනවා ඉන්දියාව ශ්‍රී ලංකාව ගුවන් ගමන් විශාල ලෙස සිදු වෙනවා මේ අතරින් ලංකාවට ආවොත් එයා ආසාදනය වීම සහ පැතිරීම ඉතාමත් භයානකයි එහිදී අපි කබලෙන් ලිපට වැටීමක් සිදු වෙනවා කෝවිල් වලින් බැට කෑවා ආර්ථික පීඩනයෙන් බැට කෑවා වගේ මේ වෛරසය බැට කෑවා රට ගොඩගන්න බැරි වෙනවා ආණ්ඩුවට අපි ගෙන්වා කරුණාකරලා ලෝක සෞඛ්‍ය සංවිධානය කරලා තියෙන අනතුරු ඇගවීම ගැන වහා අවධානය යොමු කරලා මේ රටට ඇතුළු නොවෙන්න ජනතාව බේරගන්න පුළුවන් උපායමාර්ගික වැඩපිළිවෙළ සකස් කරන්න.

පසුගියදා ජනාධිපතිවරයා ගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය අසල රැඳී සිටි අරගලකරුවන් ඉවත් කිරීමක් සිදු වුණා. එය සාධාරණීකරණය කරන්න බොහෝ දේවල් ආණ්ඩුව කියනවා. පොලීසිය මාධ්‍ය සාකච්ඡා පැය ගණන් පවත්වනවා නමුත් අපි දකින්නේ මෙය මිලේච්ඡ ප්‍රහාරයක් විදියට මෙයට ඇතුළත් වීමේ අවස්ථාව ජනාධිපති කාර්යාලය අලුයම ඇතුළත් වෙලා ඔවුන් අනුගමනය කර ක්‍රියාදාමය අමානුෂිකයි කියලා හැම පැත්තෙන්ම කියනවා ඔවුන්ට ඉවත් වෙන්න කියලා දැනුම් දීමක් කරන්නේ නැතුව ඔවුන් ඉවත් වෙන බව දැනුම් දීමක් කරලා තිබියදී මේ ආකාරයෙන් පහරදීම නින්දිත ක්‍රියාවක් හැටියට අපි ද ඒ නිසා මේක ලෝක අවධානයට යොමු වෙච්ච කාරණාවක් මාධ්‍යවේදීන් ගණනාවකට හිරිහැර සිදුවුණා විදේශ මාධ්‍ය මාධ්‍යවේදීන්ට පහරදීම් සිදුවුණු මානව හිමිකම් ප්‍රශ්න නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ වැළැක්වීමේ උත්සාහයක් බව පේනවා දැනටමත් යුරෝපා සංගමය අනතුරු කරලා එය ඉතාමත් නරකයි යුරෝපා සංගමය අපේ රටේ අපනයන බහුලව සිද්ධ වෙන රටවල් සංඛ්‍යාවක් ඇතුළත් සංගමයක් යුරෝපා සංගමය නිසා තමයි අපේ ඇඟලුම් කෝටාව රැඳී තිබෙන්නේ. එය යම් ආකාරයකින් අහිමි වුණොත් මේ ආර්ථික කඩා වැටීමත් එක්ක අපි බරපතළ තැනකට වැටෙනවා අපේ වෙළදාමෙන් අපනයනයන් වලින් වැඩි ප්‍රතිශතයක් යුරෝපා සංගමයේ රටවල් වලට යවන්න යුරෝපා සංගමය යම් ආකාරයක මෙවැනි කාරණා නිසා මානව හිමිකම් හෝ වෙනත් ආකාරයෙන් ශ්‍රී ලංකාවේ අනතුරුව ගෙවීම් එන්න පුළුවන් ඒක නිසා තහනමක් වුවත් එහිදී අපි බරපතළ තැනකට වැටෙනවා ආණ්ඩුව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි මේ මොහොතේ ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍යයි රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය යම් ආකාරයක යහපත් මාර්ගයක් අනුගමනය කරන බව මේ වෙනසත් එක්ක දැනුම් දුන්නේ නැත්නම් අපිට කිසිදු ආකාරයෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන මේ ගැන බලාගෙන සිටිනවා අපේ රටේ නැවත වතාවක් මානව හිමිකම් කඩකිරීම් මෙවැනි දේවල් සිදු වුණොත් අනිවාර්යයෙන්ම අපට ජාත්‍යන්තර තහනම් එන්න ඉඩකඩ තිබෙනවා මානව හිමිකම් සංවිධාන අපිට දන්නවා තිබෙන කාරණා දිහා බැලුවම ඒ ආසන්නයේ තියෙන ඒ වළක්වා ගැනීමේ වගකීම ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් තිබෙනවා.