නාවලපිටිය දෙකිද  සමගි ජන බලවේගයේ කොට්ඨාස නායක දර්ශන ජයසුන්දර ගේ නිවසට අද (25) දින අලුයම පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක් එල්ල වි ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇති නමුත් පුපුරාගොස් ඇත්තේ එක් බෝම්බයක් පමණක් බව පොලිසිය කියයි.

ප්‍රහාරයෙන් ගරාජයේ නවත්වා තිබූ වෑන් රථයෙන් කොටසක් සහ නිවසේ කොටසක් ගිනි ගෙන ඇත.

දර්ශන ජයසුන්දර මේ සම්බන්ධව පොලිසියට දන්වා ඇත්තේ අද (25) දින අලුයම 1.20 ට පමණ ගරාජය දෙසින් ගිනි ජාලාවක් මතු වු බවත්, පසුව පැමිණ පරික්ෂා කිරිමේදි වෑන් රථයේ ඉදිරිපස කොටස සහ නිවසේ කොටසක් ගිනි ගනිමින් තිබු බවත්ය.

ගින්න දුටු විගසම නිවසින් පිටතට පැමිණ බලනවිට යතුරුපැදියක් වේගයෙන් ධාවනය කරනු දුටු බව කී ඔහු පසුව දැරි පරිශ්‍රමයක් දරා පැතිර ගිය ගින්න නිවා දැමීමට කටයුතු කළේ යැයි ඔහු කීවේය.

ඊයේ (24) දින මුහුණු පොතට එක් කළ සටහනක් හේතුවෙන් එයට උරණ වු කිසියම් පිරිසක් මෙම බොම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව  දර්ශන ජයසුරන්දර සැක පල කළේය.

නාවලපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.