පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද (26) ආරම්භ වුණා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදියි.

මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනු කර තිබුණේ, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති 29 ක් විසින්.