බහුජන සමිති, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන යනාදී සියල්ල එකතු කර ගනිමින් රට ගොඩනගන ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව නිශ්චිත අවබෝධයකට පැමිණිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ උදෙසා ජාතික සභාවක්ද ගොඩනැඟිය යුතු යැයිද,ලබන අඟහරුවාදා විපක්ෂ නායක කාර්යාලයේදී හිටුවන බව ද පැවසීය. ඒ වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේ ඉඩකඩ විවර කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ජාතික සභාවට එන ප්‍රගතිශීලී යෝජනා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද පැවසීය.

ජනතාව එක්වී ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් දියත් කරමින් හිටපු අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් ගෙදර යැවූ බවත්, නමුත් ඊට පසු ඇති වූ විකල්පය පෙර තත්ත්වයටත් වඩා බරපතළ බවත් විපක්ෂ නායකතුමා පැවසීය. නව ජනාධිපතිවරයා පත් වූ දාට පසු දින පැවති පක්ෂ නායක රැස්වීමේදී තමන් අවධාරණය කළේ විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන අතරතුර රජයේ සාධනීය කටයුතුවලට පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය හරහා සහයෝගය ලබා දෙන බව යැයි කී විපක්ෂ නායකතුමා, සර්වපාක්ෂිකව රට ගොඩනැගීමේ ප්‍රයත්නය එය යැයිද පැවසීය.

එසේ නොමැතිව සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ ඇමති අන් තට්ටු ලබාගෙන වරදාන වරප්‍රසාද ලබා ගනිමින් කරන රඟපෑම නොවන බවද ඒ මහතා පැවසීය. 225 ම එකයි යන්න නිවැරදි නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඇත්තවශයෙන්ම 134එකයි යන්න නිවැරැදි බවද කීය. ජනතා බලය ඉදිරියේ ආණ්ඩුව පරාජය වන බව ඒකාන්ත ව යැයි පැවසූ විපක්ෂ නායකතුමා එයින් අනතුරුව රට ගොඩනැඟීම වෙනුවෙන් අප සියලු සියළු දෙනා එක්ව සම්මුතියක් සකසා ගත යුතු බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය ඒකාබද්ධ වෘත්තීය සමිති හමුවේදීය.එය කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී අද (23) පෙරවරුවේ පැවැත්විණි. පැවතියේ ජනාධිපතිවරණයක් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඇත්ත වශයෙන්ම තිබුණේ අනුප්‍රාප්තික ජනාධිපති වරයෙකු පත්කර ගැනීම උදෙසා පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් බවද පැවසීය. මහ පොළොවේ ජනමතය සහමුලින්ම විකෘති වී ඇතත්පා ර්ලිමේන්තුවේ තත්ත්වය එසේ නොවන බව එම ප්‍රතිඵල වලින් පැහැදිලි වූ බව පැවසූ විපක්ෂ නායකතුමා, තමන් ඊට ඉදිරිපත් වන්නට ගියේ ඒ යථාර්ථය අවබෝධ කොටගෙන බවද පැවසීය.