2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තේමා ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වා තිබේ. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන රටවල් නගර සහ ජාතික කොඩි ඊට යොදාගෙන ඇත.


කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබිඹුවන කිසිදු දෙයක් එම වීඩියෝවේ නොමැත.


පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මස 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවීමට නියමිත අතර ඉන්දියාවේ සුපිරි සංගීතවේදී අමිත් ත්‍රිවේදී විසින් නිර්මාණය කළ එම ගීතය ඊයේ (23) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වා තිබේ.

විඩියෝව පහතින්