මාධ්‍ය බලය සහ මුදල් බලය බාවිතා කරමින් ජනතාව අතර ජාතිවාදය, ආගම්වාදය වැනි වෛරී හැගීම් ඇතිකරමින් 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරදවා ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ආ කුමන්ත්‍රණකාරී වැඩසටහන පිළිබඳව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මික කුරුණෑගල ආසනයේ ඊයේ දිනයේදී පැවති ආසන සමුළුවකදී ජනතාවට නැවතත් ප්‍රකාශ කරයි.

එතුමිය සඳහන් කරන්නේ බුදුරජානන්වහන්සේ තෙවනවරට මෙරටට වැඩමකල කැලණිය රජමහා විහාරය භාවිතා කරමින්, ආගම්වාදය අවුළුවමින්, ජනතාව අතර වෛරය ඇතිකර ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට මුලිකත්වය ගත පිරිසට මේ වන විටත් සොබාදහමින් දඩුවම් ලබා දී ඇති බවත් එවැනිම ආකාරයෙන් රටේ මිනිස්සුන්ව රවටා වැරදිවැඩ කරන මිනිස්සුන්ට සොබාදහමින් කිසිම දිනක සමාවක් නොලැබෙන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමිය සඳහන් කරන්නේ වර්තමානයේදීත් ජනතාව අතර වෛරය වපුරවමින් බලය ලබාගැනීමට යම් යම් දේශපාලන පක්ෂ උත්සාහ කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම කිසිම දිනයක ආගම, ජාතිය වැනි මිනිසුන්ගේ සංවේදී හැගීම් සමඟ දේශපාලනය නොකරන බවත්ය.