අවුරුදු 20 -24 අතර තරුණ තරුණයින් ලක්ෂ 15 1/2 ක් සහ අවුරුදු 25 – 29ත් අතර තරුණ තරුණයින් ලක්ෂ 14 1/2ක් මෙරට ජිවත් වන අතර ඒ අනුව මෙරට ජිවත් වන සමස්ත තරුණ ප්‍රජාව ලක්ෂ 30.5 වන බවත් ඒ අතරින් 80%ක් තරුනයින් විදේශගතවීමේ සිහිනයක සිටින බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

California ලෙස සටහන් කර තිබූ සංගීතවේදී පේෂල මනෝජ් මහතාගේ කමිසය උදාහරණයට ගෙන හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ මෙරට තරුණයින් 80%ක් විදේශගතවීමේ සිහිනයක සිටින නමුත් ඒ සියලුදෙනාට විදේශගත වීමට නොහැකි බවත්, අප සියලුදෙනා ශ්‍රී ලංකාව කැලිෆෝනියාවක් බවට පත්කිරීමේ අභියෝගයක සිටින බවත්ය.

හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව කැලිෆෝනියාවක් බවට පත්කිරීමේ සිහිනය යථාර්තයක් බවට පත්කිරීමේ හැකියාව තිබෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගය වටා එක් රොක් වී සිටින කණ්ඩායමට පමණක් බවත්ය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ “සිහින දිනන රටක ජවය” යන මැයෙන් ඊයේ (16) කුරුණෑගල, කටුපොත පැවති තරුණ සමුළුව අමතමින්.

එතුමා තවදුරටත් කටුපොත තරුණ සමුළුවේදී දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න,