එක් පැත්තකින් එල්.ටී.ටී. ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් හරහාත් අනෙක් පැත්තෙන් ජේ. වී. පී. භීෂණය හරහාත් දෙකොණ දැල්වෙන ගිනි විලක්කුවක් වූ රට තුළ, දේශපාලනය තම පවුලේ බුදලයක් යැයි සිතු දේශපාලන බමුණන්ට විරුද්ධවත්, තමන් යටි පිලේය යන වහල් මානසිකත්වයෙන් ජනතාව මුදාගෙන, රටේ උරුමය ඔවුන්ගේය යන හැගීම ජනතාව තුල රෝපණය කිරීමත් යන දේශපාලන අරගල දෙකම ගෙන ගිය මෙරට පහල වූ එකම රාජ්‍ය නායකයා දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විය.

එවන් ශ්‍රේෂ්ඨ මිනිසෙකු වූ ප්‍රේමදාස ජනාධිපතිවරයා පිළිබඳව “ජන සෙතට දිවි දුන් පොදු ජන ජනපති” යන මැයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිය මහාචාර්ය දයා අමරසේකර මහතා විසින් සටහනක් තබා ඇත.

එම සටහනට අනුව,

“ශ්‍රේෂ්ඨ මිනිසුන් මරා දැමිය හැක එහෙත් පරාජය කළ නොහැක. මිනිසා ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ කෙසේද යන්නට පිළිතුරක් සපයන මේ ප්‍රකාශය පුරාම සත්‍ය වශයෙන්ම ගැලපෙන ශ්‍රේෂ්ඨ මිනිසෙකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා ජාතියට අහිමි විය. රාජ්‍ය පාලනය පොදු ජන සෙත සඳහාම විය යුතුය යන්න ප්‍රතිපත්තිමය ලෙස පිළිගෙන එය සිය ජීවිතයෙන්ම ක්‍රියාත්මක කර පෙන්වූ ප්‍රායෝගික මිනිසෙකු ඛේදජනක ලෙස ජනතාවට අහිමි විය. එබඳු මිනිසුන්ගේ අගය එදාටත් වඩා දැනෙන අද රණසිංහ ප්‍රේමදාස චරිතය පිළිබඳ සිහිපත් කිරීම අනර්ථවිය.

රාජ්‍ය පාලනය කිසියම් අදිසි බලවේගයක් විසින් එක්තරා සුපිරි පැලැන්තියක් මත පවරනු ලබන වරප්‍රසාදයක් යන ආකල්පය නිදහසකින් පසුව මෙරට දේශපාලනයේ දැකිය හැකි වූ වැරදි ආකල්පයකි. මෙරටේ ජනතාව යටිපිල හැටියටත් පාලක පිරිස හෝ සුපිරි පවුල් කීපයක් සදාකාලික උඩුපිල හැටියටත් දශක ගණනාවක පාලක පාලිත සම්බන්ධය තහවුරු කරගෙන තිබුණි. මෙම මතවාදය බිඳ දැමීමට 80, 90 දශකවල සිට බොහෝ අය දැරූ උත්සහයන්ද ඵල රහිත විය.

රණසිංහ ප්‍රේමදාස චරිතය මෙරට දේශපාලනයෙහි මුල්වරට මතුවන්නේ මෙබඳු පසුබිමකය. දේශපාලනය තම පවුලේ බුදලයක් යැයි සිතු දේශපාලන බමුණන්ට විරුද්ධව එක් අතකින් ද, තමන් යටි පිලේය යන වහල් මානසිකත්වයෙන් ජනතාව මුදා රටේ උරුමය ඔවුන්ගේය යන හැගීම රෝපණය කිරීම අනෙක් අතින්ද, යනුවෙන් දෙයාකාර අරගලයක් එකවිට ගෙන ගිය පුද්ගලයා ආර්. ප්‍රේමදාස බව ඉතිහාසයට එකතු වී ඇති කරුණකි. ඔහුට එම අරගලය සඳහා කිසිදු අවියක් තිබුණේ නැත. දේශපාලන පරපුරක් විසින් ඔහු ඔසවා තබනු ලද්දේ නොවීය. ජීවන ගමනේ විවිධ දුර්ග පසු කරමින් දහසක් දුෂ්කරතා විඳ දරා ගනිමින් පුදුමාකාර ආත්ම ශක්තියකින් හා ආත්ම විශ්වාසයකින් සන්නද්ධ වී ඇතැම් තැනක සෙමින් ද, ඇතැම් තැනක වේගයෙන් ද, තව තැනකදී බාධක මග හරිමින් ද, එක දිගට මහ දිග ගමනක යෙදී මුදුනටම පැමිණි පොදු ජන නායකයා අන් කවරකු නොව රණසිංහ ප්‍රේමදාස මහතා බව මුළු රටම පිළිගනි. ඒ අතින් ඔහුව සම කළ හැකි අයෙක් තවම මේ රටේ පහළ වී නැති බව සත්‍යයකි.

රණසිංහ ප්‍රේමදාස මහතා පොදු ජනතාව අතරින් මතුවූ පොදු ජනතාව අතර ජිවත් වූ පොදු ජනතාව අතර මිය ගිය නායකයෙකු වශයෙන් ද, වැදගත් චරිතයකි. ඔහුගේ මුළු මහත් ජීවිතයම ජනතාව වෙනුවෙන් කැප විය. දරුවන් සහ ඥාතීන් පිරිවරා යත් ලෝකයක් ඔහුට අනා තිබුණි. තමාගේ ගම් පළාත සමණක් අත් හැම තැනටම වඩා උදාරය යන පටු අදහස කෙදිනකවත් ඔහු වෙතින් දිස් වුණේ නැත. මුළු රටම ඔහුට එකම ගමක් විය. රට හදන්නට තම ගම හැඳිය යුතු බව නිතර පැවසූ ඔහු වැඩ කරන්නට කැමති අයට දුන් පළමු උපදේශය වූයේ “මිනිසුන් අතරට යන්න ඔවුන්ගෙන් ඉගෙන ගන්න පහළම තැනින් වැඩ අරඹන්න” යන්නයි තමන්ගෙන් පසුව තම බලතල යොදා තමන්ගේ දරුවකු ඉහළට ඔසවා තබන්නට උනන්දු නොවූ ප්‍රේමදාස ජනාධිපති තුමා කොළම අත්හැර මෙරට දුෂ්කරම කලාපය වූ හම්බන්තොට දිළිඳු ජනතාව අතරට ගොස් එතැනින් පටන් ගෙන දේශපාලනය කරන ලෙස සිය පුතු උපදෙස් දුන්නේය. පවුල් දේශපාලනය පිළිබඳ එදා අපට අසන්නට නොලැබුණේ ඒ කිසාය. ඒ වෙනුවෙන් ඔහුගේ සෙවණැල්ල බොහෝ දෙනෙකුව සෙවන දුන් බොහෝ දිග පළල ඇති එකක් විය. ඔහුගේ ආදර්ශයෙන් ජීවිත සකස්කර ගත හැකි විය. සියල්ලටම වඩා රටට දැයට වැඩදායක මිනිසුන් බවට පත් විය හැකි විය. නිවාස තැනීම මෙරට ප්‍රධාන්තම ජාතික අවශ්‍යතාව බවට පත්කර ලීමේ යෝධ වැඩ පිළිවෙලේ නියමුවා වන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා බව මුළු රටම දනී. ඔහු හඳුන්වා දුන් උදාගම, රජය මගින් මිනිසුන්ට සාදා දුන් ගෙවල් ගොඩක් වූයේ නැත. මිනිසුන්ගේ සැඟවී තිබූ දක්ෂතා උඩව ගනිමින් මිනිස් ජීවිත උදා කළ වැඩපිළිවෙලකි. ඒ සඳහා කැප වූ සේවය කිරීමෙන් සතුටක් ලැබූ දක්ෂ පිරිසක් හදා ගැනීමට ප්‍රේමදාස මහතාගේ ආදර්ශය වැදගත් විය. එය නායකයෙකු වශයෙන් ඉතා කලාතුරකින් කෙනෙකු තුළ විද්‍යාමාන වන සමත්කමකි. ප්‍රේමදාස මහතා සමඟ වැඩ කිරීමේදී උගත් පාඩම් අපගේ පෞද්ගලික ජිවිත තුළද අභ්‍යන්තරීකරණය වීම වැදගත් ජීවිතාදර්ශයකි. වෙලාවට වේගවත්ව කිරීම. ක්‍රමානුකූල බව, කාලසටහනකට අනුගත වීම වැඩ කල් නොදැමීම වැනි ගුණාංග වලින් පිරුණු නිර්මාණාත්මක මිනිසුන් රැසක් බිහි කළ මෑත යුගයේ සිටි රාජ්‍ය නායකයා වන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා ස්ථිරවම කිව හැක. ඒ අතින්ද ප්‍රේමදාස චරිතය සුවිශේෂ චරිතයකි. ප්‍රේමදාස මහතාගේ දිවය සේවා කාලය තුළ කැපී පෙනෙන ගුණාංගය වන්නේ සේවය කිරීමෙන් සතුවක් ලැබීමේ ගුණය බව කිව හැකිය. බොහෝ දේශපාලඥයින් බොහෝ වැඩ කළත් ඒ තුළින් දිස් වන්නේ දේශපාලන ප්‍රතිරූපයකි. එහෙත් ප්‍රේමදාස යුගයේ සිදු වූ බොහෝමයක් ව්‍යාපෘති මිනිස් ජිවිත වලට දැනෙන බලපෑමත් සිදු වූ, දේශපාලනීකරණය නොවූ ව්‍යාපෘති විය. ජනසවිය ව්‍යාපාරය ජනසවිය භාරකාර අරමුදල නම් ව්‍යවස්ථාපිත අරමුදල මගින් විධිමත්ව පාලනය වූ දේශපාලනයෙන් තොර වූ ජනහිතකාමි ව්‍යාපෘතියක් ලෙස පවත්වා ගැනීමට හැකි විය. ජනයක්ති බැංකුව නමින් බැංකුවක් මගින් හම්බන්තොට වැනි දුෂ්කර පළාත් වල දිළිඳු ජනතාව වෙනුවෙන් අරඹනු ලැබූ ව්‍යාපෘති මෙරට ග්‍රාමීය සංවර්ධනයේ නවමු අත්දැකීම වූ බව නොරහසකි. ඉන්පසු ඇරඹු සද්ධි ව්‍යාපාර තුළ මෙබදු ගුණාංග දක්නට නොලැබුණු බව කිව යුතුය. ප්‍රේමදාස ජනාධිපති චරිතයේ දැකිය හැකි තවත් සුවිශේෂි කරුණක් වන්නේ කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ සමාජ ආන්පිත කාරණයට ගැන් වූ පිරිස් හඳුනාගෙන ඔවුන් ඉහළට ගැනීමට කටයුතු යෙදීමය. උසස්ම අධ්‍යාපනයක් නොලද පහළ BOU රැකියාවකට ද යා නොහැකි සාමාන්‍ය උගත්කමක් නොමැති තරුණියන් මෙරට ශ්‍රම බලකායේ කැපී පෙනෙන මට්ටමක සිටින බව තේරුම් ගත් ඔහු මෙම පිරිස කේන්ද්‍ර කරගෙන පෞද්ගලික අංශයේ සෘජු සහය ලබාගෙන ඇගලුම් තමහල් සිය ගණනක් පිහිදුවූයේය. දිවා ආහාරද සමග සාධාරණ වැටුපක්ද ලබා දුන්නා පමණක් නොව එම ඇගලුම් නිෂ්පාදන කෙළින්ම ඇමරිකාවට යොමු කොට සමෙරට ප්‍රධාන විදේශීය විනිමය ලැබෙන මයක් ද විවෘත කර දුන්නේය. අමරිකාවේ බොහෝ වෙළඳ සැල්වල විකිණීමට ඇති උසස් නිමාවකින් යුතු ඇගලුම් රැසක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බව අදවත් කිව යුතු කරුණකි. ජාතියට අමතකව තිබූ යුගයක් අවධි කළ වියපත් ටවර් හෝල් කලා ශිල්පීන් වෙනුවෙන් කල වැඩ කොටසද විශිෂ්ටය.

මේ හැර ප්‍රේමදාස මහතා හදුන්වා දුන් වැදගත්ම දුරද3 ජාතික ප්‍රතිපත්තියක් වුයේ රාජ්‍ය යට බදවා ගැනීමේ දී අධ්‍යාපනික සුදුසුකම මත පුද්ලයන් තෝරා ගැනීම විධිමත් නිත්‍යනුකුල තත්වයකට පත් කිරීමයි. සෑම දේශපාලඥයෙක්ම සුදුස්සාට සුදුසු තැන ලබා දෙන බව නිරන්තරයෙන් ප්‍රකාශ කලද සැබවින්ම සිදුවන්නේ එය නොවන බව අපි දනිමු. එහෙත් දේශපාලනයෙන් තොරව සුදුසුකම මත රාජ්‍ය රැකියා ලබාදිය යුතුය යන්න පාර්ලිමේන්තු පත්තකින් සමත ස්ථාපිත කිරීමේ ගෞරවය හිමිවන්නේ එතුමාට පමණි. 1988 තරුණ නැගිටීම පිළිබඳව පරික්ෂා කිරීමට පත් කළ කමිටු වාර්තාවේ වැදගක්ම නිර්දේශය ලෙස එතුමා පිළිගත්තේ එයයි. මේ සැමදාම වඩා විශේෂ කරුණක් වන්නේ මෙරට දිළිදුකම හා බැඳී පවතින ප්‍රධානතම ලක්ෂණයක් ලෙස එතුමා හඳුනායක් මන්දපෝෂණය වෙනුවෙන් සිදු කරනු ලැබූ පාසල් දරුවන්ට දිවා ආහාර ලබා දීමේ වැඩපිළිවෙලයි. දිළිඳු ග්‍රාමීය දරුවන් රැසක් මන්ද පෝෂණයෙන් පීඩා විඳිමින් දුෂ්කරව අධ්‍යාපනය ලබන බව එතුමා තේරුම් ගෙන ඉන් නොනැවතී පාසල් දරුවන්ට දිවා ආහාරය දිය යුතුය යන්න ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කර පෙන්වූ බව අපි දනිමු. අද එම වැඩපිළිවෙළ නැවතී ඇත. දිළිඳුකමද මන්දපෝෂණයද වෙලාගත් තවත් දහසතුන් ගැටලු වලින් ගැමියන් පීඩාවට පත්ව ඇත.

ප්‍රේමදාස අගමැතිවරයාට ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙරට පාලනය me යුගය බෙහෙවින් කටුක අත්දැකීම් රැසකට මුහුණ දුන් යුගයක් බව සත්‍යයකි. එම කටුක අත්දැකීම් අතුරින් ඉස්මතුව පෙනෙන විවාදාපන්න කාරණා දෙකක් ප්‍රේමදාස චරිතයේ තවත් සුවිශේෂී පැත්තක් තේරුම් ගැනීමට ආධාරයකි. එනම් 1988 පැවති භීෂණය සහ එල්.ටී.ටී. ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් වලට මුහුණ දුන් ආකාරයයි.88 භීෂණය ආරම්භ කළ දේශප්‍රේම් රතු හමුදාව එම වසරේ පැවති ජනාධිපතිවරණය මුළුමනින් කඩා කප්පල් කරමින්, ජන්දයට පෙළ ගැසෙන වුන් මරා දම්මින්, භීෂණය අරම්භ කළ බව අපි දනිමු. එයට නොබියව මුණ දෙමින් ජනාධිපති අපේක්ෂකත්වය භාර ගත් ප්‍රේමදාස මහතා මිනිසුන් නැති පාලු පිට්ටනි වලට කතා කරමින් අඛණ්ඩව රට පුරා මැතිවරණ ව්‍යාපාර ගෙන ගියේය. එය මෙරට ප්‍රජාතාන්ත්‍රිය මැතිවරණ ඉතිහාසයේ සදානුස්මරණීය සිදුවීමකි. එක් පැත්තකින් ජන්තා විමුක්ති පෙරමුණේ භීෂණයත් අනෙක් පැත්තෙන් එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ භීෂණයත් ඔහු හැඳින් වූයේ දෙපැත්ත දැල්වෙන ගිනි විලක්කුවක් ලෙසය. එම ගිනිගොඩවල් දෙක මැද සිටි ප්‍රේමදාස මහතාගෙන් එදා විපක්ෂය ඉල්ලා සිටියේ දියව හරහට මිනිසුන් මරා දමමින් තුන්ඩු කැල්ලෙන් කඩසාප්පු වසා දමමින් මුළු මහත් ජන ජීවිතය අඩපණ කරමින් රට මළගෙයක් කළ ජේ. වී. පී. භීෂණය නැතිකර දෙන ලෙසයි. එහෙත් බොහෝ අය මෙම සිදුවීම අද වැරදි ලෙස අර්ථ දක්වනු පෙනේ. එදා අවි අතට ගත් තරුණයන්ට රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරු ලබා දීමට ඔහු නොපැකිලිව ආරාධනා කළ බව සත්‍යයකි. රෝහණ විජේවීරයන් පෞද්ගලික මුණ ගැසී දීර්ඝ සලස සාකච්ඡා කිරීමට ප්‍රේමදාස ජනාධිපතිවරයාට තිබූ අවශ්‍යතාවය එවකට සිටි දරදඬු අමාත්‍යවරුන් නිසා යටපත් වුවත් තරුණයන්ට රාජ්‍ය පාලනයේ දොරටු විවෘත කළ යුතුය යන්න ඔහු තුළ වූ අදහසක් බව කිව යුතුය. බොහෝ අය විරුද්ධ වුවත් ඒ සඳහා ඔනෑම පරිත්‍යාගයක් කිරීමට ඔහු සුදානමින් සිටි බව වැඩි දෙනෙක් නොදන්නා සත්‍යයකි. එල්. ටී. ටී. ඊ. සංවිධානය සම්බන්ධයෙන් ඔහු දැරූ අදහපද විවාදාපන්නය. එම සංවිධානයේ බෙදී ගිය කොටස් හඳුනාගෙන ඔවුන් අතර ගැටුමක් නිරාණය කර ගනිමින් එක් පිරිසකට ආධාර කිරීමේ පිළිවෙතත්තට සිය බව සත්‍යයකි. එම අරමුණ ඔහුගේ ජීවිතයට හිතකර නොවුණත් එම අභිලාෂය රටට ද්‍රෝහී නොවූ බව කිව යුතුය. ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කරන විට ප්‍රේමදාස අගමැතිවරයා පක්ෂයෙන් අස්නොවී එයට දැක්වූ විරෝධයද ඉන්දියානු හමුදාව මෙරටින් ඉවත් කර ගැනීමට ජනපති ලෙස අනුගමනය කළ තුමෝපායද පක්ෂ දේශපාලනයෙන් එහාට ගිය ජාතික දැක්මක් ඔහු තුළ තිබූ බවට නිදසුන් කිහිපයකි. ඉන්දියානු හමුදාව මෙරටින් ඉවත් කර ගැනීම පිළිබඳව ඉන්දියාවේ අගමැතිවරයාට ඔහු ලියූ ලිපි කියවීමේදී මේ බව මැනවින් පැහැදිලි වේ. ප්‍රේමදාස මහතා අවසන් වරට මුහුණ දුන් අසුඅට භීෂණාත්මක යුගයට වඩා නූතනය ශ්‍රී ලංකාව ගලාව දිළිඳුම රාජජ්‍යයන් කිහිපය අතරට වැවුනු අභාග්‍ය සම්පන්න කාල පරිච්ජේදයකි. එදා පැවැති දේශපාලන ප්‍රචණ්ඩත්වය සමාජ ගැටළු රැසක් උද්ගත කළද රටේ ජනතාව අන්ත දිළින්දන් බවට පත් කළේ නැත. එහෙත් අද දැකිය හැක්කේ මුළු රටම වෙලාගත්, සීමාවක් නොපෙනෙන දිළිදු කමකි. එයට මූලික හේතුව අන් කිසිවක් නොව දුර්වල ආර්ථික කළමණාකරණය බව මුළු රටම පිළිගන්නා කරුණකි. තීරණ ගැනීමේ සිට එම තීරණ ක්‍රියාත්මක වෙමින් එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීම තෙක් දිවෙන අඛණ්ඩ ක්‍රියාවලිය තුළ ජීවත් වූ රණසිංහ ප්‍රේමදාස පිළිබඳ මතකය මෙවැනි අවස්ථාවල ජනතාව නිරන්තරව සිහිපත් කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙසේ බලතොත් රණසිංහ ප්‍රේමදාස චරිතය මෑත කාලීන ශ්‍රී ලංකාවේ විරෝධාලංකාර චරිතයකි. පුද්ගලයෙකු ලෙස ඔහු තුළ පැවති දක්ෂතා සහ ගුණාංගයෙනුත් පාලකයෙකු ලෙස ජාතික සංවර්ධනය පිළිබඳ දැරු දර්ශනයක් නූතන ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට සහ දේශපාලනයට කියා දෙන්නේ විශිෂ්ට පාඩමක් බව යළිත් කිව යුතුය. එදා ඔහු ගොඩ නැගීමට දිරි දුන් ගැමියන්ගේ ලෝකය අඳ දේශපාලනීකරණය වී ඇත. නිර්මාණාත්මක මිනිසෙකු තැනීමට ප්‍රේමදාස මහතා සාර්ථකව හඳුන්වා දුන් වැඩ සටහන් නවතා ඇත. එබඳු දැවැත්ත වැඩ කොටසක් සාර්ථකව කළ හැකි නායකයක් ද පසුගිය දස වසර තුළ අපට දක්නට ලැබුණේ නැත. ඒ වෙනුවට මුදල් ලාභය සහ කොමිස් සොයමින් දිව යන වාණිජවාදී මිනිසුන්ගෙන් සමාජ ආයතන පිරි සියේය. මෙම ගෝචනීය තත්වයෙන් මෙම රට මුදා ගත යුතුය. එ සමඟම තවදුරටත් මෙරටට අවශ්‍ය වන්නේ ජනතාව වෙනුවෙන් වැඩ කල හැකි නායකයන් බව අප සිහි කළ යුත්තේ රණසිංහ ප්‍රේමදාසයන් යළි යලිත් මතකයට නංවමිනි. කෙසේ වුවද ප්‍රේමදාස චරිතය නිමා වී දැනට වසර තිහකට ආසන්න කාලයක් ගත වී ඇත. බල අරගලය සන්නද්ධ අරගලයක් බවට පත් වී එහිම කොටස් කරුවෙක් බවට පත්වීමට ප්‍රේමදාස මහතා වැනි උතුම් මිනිසෙකුට සිදුවීම් සැබවින්ම ඛේදයකි. එය ජාතියේ සහ ජනතාවගේ අභාග්‍යයකි. එසේ වුවද ජාතික සංවර්ධනය පිළිබඳ ඔහුගේ මතවාදය විනාශ නොවී ඉදිරියට යන්නකි. එය කිසිවෙකුට රො දැමිය නොහැක”

daya amarasekara

සම්මානිය මහාචාර්ය

දයා අමරසේකර

පේරාදෙණිය විශ්වවිද්‍යාලය