සමස්තයක් ලෙස රට මුහුණ දෙමින් සිටින අර්බුදයේ හැඩතල කිහිපයක් පසුගිය සතියේ විවිධ ස්වරූපයන්ගෙන් සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය විය . එය දේශපාලන නාටකයක් ස්වරූපයෙන් ද ආණ්ඩුවේ දේශපාලන ඛාදනය පෙන්නුම් කෙරෙන නව දේශපාලන ප්‍රවාහයක සමාරම්භයක් ලෙසද ජනතාව ඉදිරියේ දර්ශනය විය . දේශපාලන නාටකයක ස්වරූපයෙන් රට ඉදිරියේ ප්‍රදර්ශනය වූයේ විදුලි අර්බුදය සහ තෙල් අර්බුදය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවයි විදුලි අඛණ්ඩව සැපයීම සඳහා තෙල් ලබාදීම අඩාල වීම හේතුකොටගෙන විදුලිබල ඇමති ඇමැති ගාමිණී ලොකුගේ සහ බලශක්ති ඇමති උදය ගම්මන්පිල අතර ඇතිවූ ගැටුම නාටකීය ස්වරූපයෙන් දිනපතා කොටස් වශයෙන් මාධ්‍ය වල පළ විය .

රජයේ කැබිනට් ඇමතිවරුන් දෙදෙනාම එකිනෙකාට දොස් පවරා ගනිමින් ඒ ඒ අමාත්‍යාංශ මුහුණ දී සිටින දුෂ්කරතාවයන් රටට පැහැදිළි කළේය . මෙය ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය විසිනි නිර්මාණය කරන ලද දැවැන්ත ආර්ථික අර්බුදයේ ම දිගුවක් බව වසන් කරමින් එය අමාත්‍යාංශ දෙක අර්බුදයක් ලෙස රටට ඒත්තු ගැන්වීම මෙම නාටකයේ ප්‍රධාන අරමුණ වී තිබිණ. රටේ පවතින ඩොලර් හිඟය විදුලිය කප්පාදුවට හේතුව ලෙස ඇමතිවරුන් දෙපළම ප්‍රකාශ කළහ . එම අර්බුදයට පසුබිම සකස් කරන ලද වැරදි මූල්‍ය ප්‍රතිපත්තීන්ට කැබිනට් ඇමතිවරුන් ලෙස ඔවුන් ද සාමූහික වගකිවයුතු . නමුත් එය අමතක වූවා සේ ඔවුන් හැසිරෙනු දකින්නට ලැබිණ . මේ දෙපළ දේශපාලන තොත්ත බබාලා නොවන බැවිනි මාධ්‍ය ඉදිරියේ ඔවුන් කළ රඟපෑම කලින් ලියන ලද තිර පිටපතකට අනුව සිදුව තිබූ බව තේරුම් ගැනීම දුෂ්කර නැත .

රටේ විදේශ සංචිත අවම වී රට බංකොලොත් වීමට ආසන්නව තිබියදී ඊට මුහුණ දීම සඳහා ඊට විකල්ප මූලෝපායන් සැකසීමට ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙන්ම ඊට පරිබාහිරව අරගල කිරීමේ මාර්ගයට අවතීර්ණවීම සැබෑ ජනතා නියෝජිතයන්ගේ වගකීමකි .නමුත් මේ සත්‍යයට මුහුණ දීම වෙනුවට ජනතාවගේ නැගෙන විරෝධය වෙනතකට යොමු කිරීම සඳහා ඔවුහු මෙවැනි කෙටි කාලීන වින්දනයන් ලබාදීමේ ප්‍රහසන රංගනයන් ගේ යෙදෙමින් සිටිති. රටේ නිෂ්පාදන කර්මාන්ත කඩා වැටීමට දායකවන විදුලි කප්පාදුව මෙන්ම රටේ අත්‍යවශ්‍ය ආහාර ඉඟියක් නිර්මාණය වී ඇති මෙවැනි සමයෙක මේ අය මෙම ක්‍රමය තවදුරටත් නඩත්තු කරමින් සිටින්නේ මන්ද යන ගැටලුව කෙනෙකුට මතුවිය හැකිය .

ඔවුන් මෙවැනි රංගනයන් ගේ යෙදෙන පළමු අවස්ථාව මෙය නොවේ .ඇමති විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල එම් සී සී ගිවිසුම හෙවත් සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (Millennium challenge corporation ) පිළිබඳ හැසුරුණේද මේ ආකාරයටමය .

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ දේශපාලන නඩය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බව දේශපාලන වේදිකාවේ දී කීවේය .ඒ මව්බිමේ ස්වාධීනත්වයට ස්වෛරීත්වයට හානි වන කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය සැපයීමේ දී ඉදිරිපත් කරන බව පවසමිනි .අප විසින් ලබාගත් ණය ගෙවීම ගැටළුවක් නැති බවට වහසි බස් දොඩමින් අර්බුදයෙන් ගොඩ ඒම පසෙකලා ණය ගෙවීමට උත්සුක වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේ අවශ්‍යතාවයක් නොමැති බව සිය ඡන්ද දායකයන්ට ඒත්තු ගැන්වීමටය . රටක් බංකොලොත් වන්නේ ණය ගෙවීම තාවකාලිව අත්හිටුවීමෙන් නොව ණය ගෙවීමෙන් විදෙස් සංචිත අඩු වීමෙන් සහ ඒ කරණකොටගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව නැති වී යාමෙන් බව මේ ආණ්ඩුවේ වියතුන්ට නොතේරීම අවාසනාවන්ත තත්ත්වයකි .

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමේ එක් ඉඩක් පසුගිය සතියේ විවර විය . ඒ චීන විදේශ ඇමතිවරයාගේ මෙරට සංචාරයයි . ඔහු ජනාධිපතිවරයා සමඟ චීන ණය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ බව වාර්තා විය . මොහොතේ මහබැංකු නිලධාරීන්ගේ වගකීම වනුයේ ඊට අදාළ සාකච්ඡා වහාම ආරම්භ කිරීම බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙති . රට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව පහළට යන්නේ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමෙන් නොව විදේශ සංචිත අඩු වීමෙනි .එමෙන්ම මෙය තත්ත්වය ඉදිරියට ගෙන යමින් ණය ගෙවීම පමණක් කරගෙන ගියහොත් මූල්‍ය අරමුදින් ණය ලබා ගැනීම ද කළ නොහැකි නොහැකි වනු ඇත .මන්දයත් මූල්‍ය කළමනාකරණයක් නැති එවැනි රටවලට ඔවුන් ණය ලබා නොදෙන බැවිනි

රට මෙවැනි තත්ත්වයක් කරා ගමන් කරමින් සිටියදී ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම තහවුරු කළ කණ්ඩායම් ඉන් විතැන් වීම ආරම්භ කර තිබේ .හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමට ආණ්ඩුව විසින් කරනු ලබන කුඩම්මාගේ සැලකිලි පිළිබඳව පසුගිය සතියේ විශාල අඳෝනාවක් ඉදිරිපත් කළේය. .ඉදිරියටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න තීරණය කර ගැනීමට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය .තමන් ඇතුළු කණ්ඩායම රටේ තීන්දු ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගෙන නොමැති බවත් ඉන් බැහැර කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය .මෙවැනිම ඉරණමකට මුහුණ දුන් ආණ්ඩුව නියෝජනය කරන සෙසු සුළු පක්ෂ සමගත් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය .

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ඔහුගේ දේශපාලන නඩය යහපාලන ආණ්ඩුව තුළ ක්‍රියාවට නගන ලද දේශපාලන ව්‍යාපෘතිය මේ ආණ්ඩුව තවත් පිමි කිහිපයක් එහාට තබමින් ක්‍රියාත්මක කරමින් සිටී . කෙටියෙන් කියතොත් මේ ආණ්ඩුව ගෙන යන්නේ මෛත්‍රීපාල එක්තරා දිගුවකි . ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී රට මුහුණ දුන් අභියෝග ,දූෂිතයන්ට මෙන්ම මානව හිමිකම් උල්ලංඝණය කළ පුද්ගලයින්ට දඩුවම් දීමේ ක්‍රියාවලියේ දී ද ,ඔවුන් ආරක්ෂා කළ පිළිවෙත ආදී සියලු අගතිගාමී දේවල් මේ ආණ්ඩුවද නොපැකිළිව ඉදිරියට ගෙන යමින් සිටී .මාධ්‍යවේදීන් ඝාතනය කළ කළ ඔවුන්ට ශාරීරික වශයෙන් වධහිංසා පැමිණ වූ පුද්ගලයන් මෛත්‍රී මෙන්ම මේ ආණ්ඩුව ආණ්ඩුවද ආරක්ෂා කරමින් සිටින බව පෙනේ .මේ ආණ්ඩුව මුහුණ දී සිටින වැරදි ආර්ථික මූලෝපායන් ගේ නිර්මාපකයා මෛත්‍රී ලෙස හඳුන්වා දුනහොත් එය වැරදි නැත . මෛත්‍රී ඊටත් වඩා හොඳට ඔහුගේ දේශපාලන ක්‍රියාවලිය තවදුරටත් නඩත්තු කරන මේ ආණ්ඩුවට ඔහුගෙන් උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනැගීම සාමාන්‍ය කාරනයකි. .

මෛත්‍රීගේ කණ්ඩායමට සැලකීමට වඩා වසර පහක කාලයක් හරි හරිහමන් ආදායමක් නොමැති තමන් බලයට පත්කිරීමට මුදල් වැයකල දේශපාලනඥයින් සහ ව්‍යාපාරිකයින් නඩත්තු කිරීමට මේ ආණ්ඩුව ප්‍රමුඛතාවය ලබා දී තිබේ .මෛත්‍රිය හදන දේශපාලන සන්ධාන වලට කාලය නාස්ති කිරීම යනු මෙකී දූෂිත යාන්ත්‍රණය තවදුරටත් නඩත්තු කිරීම සඳහා දායක වීමකි .අපතේ යැවීමට කාලයක් තවත් ඉතිරි වී නැති බැවින් වහාම සර්වපාක්ෂික සමුළුවක් හෝ කැඳවා තුන්බියෙන් මිදෙන මගක් සොයා ගැනීමට සිදුව ඇත .