තමාව සති දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කථානායකවරයාට ලිපියක් යොමුකර ඇත.

පසුගිය දා පාර්ලිමේන්තු සභාගර්භයේ දී සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කනගාටුව පළ කරන අතර එය සිදුනොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

එසේම තමාගේ පමණක් නොව අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධවද සලකා බලා ඔවුනටද සුදුසු දඩුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටින බව ද එම ලිපියේ සඳහන් කර තිබේ..