පොලිස්පතිවරයා පත් කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා 3 වැනි වතාවටත් ඉන් පසුවත් එවන ලද නාම යෝජනා කිසිවක් ව්‍යවස්ථාදායක සභාව විසින් ස්ථිර කර පත් කිරිමක් සිදු නොකළ බවත් මෙය ව්‍යවස්ථාදායක සභාවේ සෙසු සාමාජිකයන් ද දන්නා කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් අවස්ථා 2ක දී මාස 3ක බැගින් පත් කිරිම් සිදු කළත් දෙවැනි පත් කිරිම සිදු කරන විට ඊළඟ පත්කිරිම ස්ථිර පත්කිරීමක් විය යුතු බවට වන ලිපියක් ජනාධිපතිවරයාට යොමු කළ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. ජනාධිපතිවරයාට පොලිස්පති නම් කිරිමට බලය ඇති බවත් ව්‍යවස්ථාදායක සභාවට එය අනුමත කිරිම හෝ ප්‍රතික්ෂේප කිරීමේ බලයක් ඇති බවත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අර්ථකථනය කිරිමේ ගැටලුවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.