සීයලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබියදී, සිය දෙදින සංකේත වැඩවර්ජනය ආරම්භ කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුනේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකුණා දැමීමට රජය ගෙන ඇති සැලසුම් අත්හැරිය යුතු බවයි.

නොවැම්බර් 8, 9 සහ 10 යන තෙදින තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කර තිබුණි.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී සත්කුමාර ප්‍රකාශ කර ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් කිසිදු තැපැල් කාර්යාලයක් වසා නොදැමෙන බවයි.

නුවරඑලිය තැපැල් කාර්යාලය ඉතාමත් මනරම් ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇති අතර රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ එය හෝටලක් සදහා බදු දීම හෝ විකුණා දැමීමයි. පසුගියදා ඒ පිළිබඳව ජනාධිපති තර්ජනන්විතව කියා සිටියේ වහාම මෙම තැපැල් කාර්යාලය නිදහස් කරන ලෙසත් නැතිනම් තමාට අලුත් තැපැල්පති කෙනෙක් සොයාගත හැකි බවයි.

ඡායාරූපය – සංචාරක ආකර්ෂණය දිනාගත් නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිටදී, එහි සංචාරයට පැමිණි විදේශිකයන් පිරිසක් විසින්, එම දේපළ හෝටල් ව්‍යාපෘතියට ලබාදීමට එරෙහි පාඨ සඳහන් පුවරු එල්ලාගෙන සිටින ආකාරය දැක්වෙන, සමාජ ජාලයේ සංසරණය වූ ඡායාරූප පෙළකි.