ආණ්ඩුවෙන් 40 දෙනකු ආණ්ඩුවෙන් ළගදිම ඉවත් විමට සුදානම් බවත් වත්මන් ආණ්ඩුවට වැඩි ආයුෂ නැති බවයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ආණ්ඩුවේම අය තක්කඩි ආණ්ඩුවක් බව පවසමින් සිටින බවයි .

ආණ්ඩුව බෙරා ගන්න දැන් මන්ත්‍රීවරුන් කතා නොකරන බවත් ජනතාවට සහන දි ගොවින්ට පොහොර ලබා දෙන ලෙසද රංජිත් මද්දුමබණ්ඩාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය .

තවද කියා සිටියේ සමගි ජන බලවේගයේ ඊයේ පැවැත්වු වු උද්ඝෝෂණය ආරම්භයක් බවත් ඉදිරියේදී කොළඹ පිරෙන්න සෙනග ගෙනෙන බවද සජබෙ මහලේකම් කියා සිටියේ ය.

මේ අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේදී ය.

සටහන – CJ