මේ මොහොතේ මෙලෙස පිටි මිල වැඩි කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසන්නේ ,

ඒ,අද (04) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

තිරිඟු පිටි මිල රු.12කින් වැඩි කිරීම ප්‍රීමා සමාගමේ හිතුමනාපයට කළ නොහැකි අතර එයට එරෙහිව පියවර ගැනීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහ රජයේ වගකීමක් වන බවයි තිස්ස අත්තනායක මහතා කියා සිටියේ.

එතුමා වැඩි දුරටත් කියා සිටියේ

පන් පිටි මිල රු. 12කින් ඉහළ යෑමෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන යළිත් වරක්  ඉහළ යන අතර මේ පවතින තත්ත්වය හමුවේ ජනතාව මෙම බර දරන්නේ කෙසේද යන්නයි මන්ත්‍රීවරයා විමසා සිටිය අතර ,

මෙවැනි දෙයකට ආණ්ඩුව අනුබල නොදිය යුතු බවද ඔහු අවධාරණය කරන ලදී. 

සටහන – CJ