ශ්‍රී ලංකාව තුළ තිරිඟු පිටි (පාන් පිටි) හිඟයක් ඇති වීම නිසා පිටි මිල ද ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

බේකරි කර්මාන්තකරුවන්ට ද මේ දිනවලට ඉල්ලුමට සරිලන ලෙස පිටි සැපයුම නොලැබෙන බවත් බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා කීය.

බේකරි කර්මාන්තයට බහුලව යොදාගන්නා පිටි වර්ග පහෙන් සියයට 60 ක් පමණ යොදාගන්නා තිරිඟු පිටි වර්ගයේ මිල රුපියල් 12 කින් වැඩි කර ඊයේ එය නැවත පැවති මිලට පත්කර ඇති බව කී ජයවර්ධන මහතා කෙසේ වෙතත් සෙසු පිටි වර්ග හතර වැඩි කළ මිලේම පවතින බවත් ජයවර්ධන මහතා සඳහන් කළේය.

පිටකොටුව තොග වෙළෙඳපොලේදී තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් එම වැඩි මිලට හෝ මිලදී ගැනීමට පිටි නොමැති බවත් පාරිභෝගිකයෝ පවසති.

සටහන – CJ