කොළඹ පැවැත්වෙන විරෝධතාවයේදී තුවාල ලැබූ 55 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි.

තුවාලකරුවන් අතර පොලිස් නිලධාරින් ද වන අතර, කාන්තාවන් තිදෙනෙකු ද වනවා.

එමෙන්ම, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තුන්දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, විරෝධතාකරුවන් තවදුරටත් ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැදී සිටිමින් සිය විරෝධය පළ කරනවා.