පපුවට ගහගන්න බොරු දේශප්‍රේමීන් මුළු රටම නන්නත්තාර කළා. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, විජාතික බලවේග වගේ ජනතාව මුලාකරන සටන් පාඨ හදල සුදු පිරුවට ඇඳල මුළු රටේම සාරය උරා බිව්වා. රටට එරෙහි ලොකුම සතුරු බලවේගය මේ ළිංමැඩියන් බව ජනතාව දැන්වත් අවබෝධකර ගත යුතු යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“අපිට පිටිපස්සෙන් හිටපු රටවල් අපිව පහුකරගෙන ගියේ ලෝකයත් එක්ක එකතුවෙලා. ඒත්, අපි තව තවත් ගෝත්‍රිකත්වයේ පැටලුණා. මහරජාණනි කියල, වැඩකරන අපේ විරුවා කියල ගීත ගායනා කර කර හිටියා. අන්තිමට රටට කෙළවුණා. දැන් ඔප්පුවෙලා තියනවා, ලෝකයත් එක්ක එකතුවීමෙන් පමණයි මේ රට ගොඩගන්න පුලුවන් කියලා.

ඒ විදිහටයි ඩොලර් උපයන්න පුලුවන්, පෝලිම් නැති කරන්න පුලුවන්. දුප්පත්කම අඩුකරන්න පුලුවන්. අපි මේ රට ගොඩගන්නවාමයි. පපුවට ගහගත්තෙ නැතිවුණාට අපි මේ රටට ඇත්තටම ආදරෙයි. “

උපුටා ගැනිම – හර්ෂ ද සිල්වා facebook page