ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීයේ මේ රටේ නිතීයේ අධීපත්‍ය රකින බව කියා බවත් ඇමතිවරුන්ට හෝ කාටවත් නිතීය මෙහෙයවිමට ඉඩ නොදෙන බව කියමින් සෙෘභග්‍ය දැක්මේ පොරොන්දු ලබා දෙමින් බව පැවසූ මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ 2019.11.17 පසුව මේ ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරුන්ගේ , ව්‍යාපාරිකයන්ගේ හා ආණ්ඩුව එක්ක කටයුතු කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ පවරා තිබු නාඩු 20ක් පමණ නිතිපතිතුමා විසින් ඉල්ලා අස් කර ගෙන ඇති බවයි.

අද වන විට උසාවියේ පවත්වා ගෙන යන නාඩු බවත් එ සදහා මොවුන් උසාවියට ඉදිරිපත් නොවි නිතිපති දෙපාර්තමේන්තුවට බැලපැම් කරමින් ඉවත් කර ගෙන යන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි .

තොරතුරු දැනගැනිමේ පනත යටතේ 2019 නොවැම්බර් 17 පසුව අද දක්වා ඉල්ලා අස්කරගෙන ඇති නාඩු මොනවාද ? ඉල්ලා අස කර ගැනිමට පදනම කුමක්ද යන්න තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා නිතිපති දෙපාර්තමේන්තුවට ඊයේ සජබ මන්ත්‍රීවරුන් ලිපියක් භාර දුන්නේය.

එම අවාස්තාවට සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් , කවින්ද ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් වුණා.

සටහන – CJ