වර්තමානයේ රට තුල ඇතිවී තිබෙන ජල ගැටලුවට හේතුව වන්නේ ජලය නොමැතිකම නොව නිසි ජල කළමනාකරණයක් නොමැතිකම බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) උඩවලව ගොවීන්ගේ ජාල ගැටලුව පිළිබද පැවතී ජනපවුර 145වන වැඩසටහනට සහබාගී වෙමින් පැවසීය.

රට පාලනය කල පසුගිය ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව යන දෙකම රටේ කෘෂිකර්මාන්තයට පහර එල්ල කල බවත් ඒ සදහා පහුගිය ආණ්ඩුව විසින් පොහොර නතර කිරීම ගොවිබිම් අත්පත් කරගැනීම ආධී වැඩපිළිවලවල් ක්‍රියාත්මක කල බවත් වත්මන් රජය විසින් ජලය නිසි ලෙස ලබා නොදීම මගින් කෘෂිකර්මාන්තයට පහර එල්ල කිරීමට මානබලමින් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

වත්මන් රජය විසින් විදුලිය කප්පාදු කර ජල හිගයක් බව පෙන්වමින් උඩවලව ගොවිබිම් සදහා ජලය ලබා දිය නොහැකි බව කැබිනට්ටුවේදී පැවසූ බව විපක්ෂ නායකවරයා සිහිපත් කල අතර එතුමා එම ප්‍රකාශය පිලිකුල්සහගතව විවේචනය කළේය.