විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශයක් කළා ඉන්දියාවේ අගමැතිගේ ඉල්ලීමටත් ජනාධිපති ගේ උපදෙස් පරිදි මෙගාවොට් 500ක් ඉන්දියාවේ අදානි සමාගමට පුනර්ජනනීය බලශක්ති දෙනවා කියලා පසුව එතුමා ඉල්ලා අස්කර ගන්න ලෑස්ති වුණා .එහිදී අපි කෝප් කමිටුවේ සාමාජිකයන් විදියට කිව්වා ඉල්ලා අස් කරගන්න බෑ කියලා .එය වෙනස් කර ගන්න දෙන්න බෑ මොකද කෝප් කමිටුව හමුවේ නිවැරදි තොරතුරු ලබා දීම එතුමාගේ වගකීමක් එහෙම එක් එක්කෙනාගේ ඕන විදිහට ඉල්ලා අස්කර ගන්නත් බෑ එයට අයිතියකුත් නෑ එතුමා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට යවපු ලියුමේ පැහැදිලිවම තියෙනවා ජනාධිපති වරයාගේ උපදෙස් පරිදි කියලා. ඒ නිසා දැන් විදුලි බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස් වෙලා තියෙනවා .එසේ ඉල්ලා අස්වෙලා කරපු අවුලෙන් බේරෙන්න බැහැ .ඒ නිසා මේ පිළිබඳව විධිමත් පූර්ණ පරීක්ෂණයක් තියෙන්න ඕන. ජනාධිපතිතුමා කිව්වා ට්විටර් පණිවිඩයක් එව්වා කියල විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස් වුණා කියලා මේ ප්‍රශ්නය අත අරින්න බෑ .මොකද හේතුව මේ හරහා ජ්‍යාත්‍යන්තර ගැටළු විශාල ප්‍රමාණයක් මතුකරලා තියෙනවා. අපි දන්නවා පහුගිය මාස ගාණක් තිස්සේ අපේ රටේ ජනතාවට තෙල්, බෙහෙත් ,අත්‍යවශ්‍ය ආහාර ලබාදෙන්න විශාල ලෙස උදව් ලබා දුන්නේ ඉන්දියාව නමුත් අද අපිත් එක්ක තරහා වෙලා ඒ ගැන අදානි සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තියෙනවා.

රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා බවට පත්වුණාට පස්සේ තෙල්, ගෑස් පෝලිම් දිගින් දිගටම ලොකු වෙලා තියෙන වෙලාවේ ඉන්දියාවත් තරහා වෙලා අපෙන් අයින් වුනොත් මේ තෙල් පෝලිම තවදුරටත් වැඩි වෙලා තෙල් නැති තත්වයට පත් වෙනවා. එතකොට ඉන්දියාවයි ලංකාවයි අතර ගැටලුවක් හදන්න ප්‍රශ්නයක් ඇති කරන්න දුන්න ප්‍රකාශයක් කරපු සභාපතිවරයාට රට අවුල් කරලා ඉල්ලා අස් වෙලා ඉන්න දෙන්න බෑ . පරීක්ෂණයක් හරහා මෙහි ඇත්ත නැත්ත දැන ගැනීමේ අවශ්‍යතාවයක් ජනතාවට තියෙනවා. කිසිසේත්ම අපිට මේ හරහා උදව් කරන ඉන්දියාව වගේ රටක් තරහ කරගන්න මේ වගේ පුද්ගලයෙකුට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මේ සියලු කරුණු පිළිබඳව වහාම විමර්ශනයක් කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

අද අග්‍රාමාත්‍යවරයා ඉන්නේ සන්නිවේදන කටයුතු කරන්න. මාධ්‍යවේදීන්ගේ රස්සාව තමයි එතුමා කරන්නේ. එතුමා ඇවිත් කියනවා පැහැදිලිව මේ සති දෙකට මේක නෑ අරක නෑ තව අමාරුයි අමාරු කාලයක් කියලා. එතුමා පත්වෙලා මාසයකට වැඩියි තවදුරටත් අපිට සන්නිවේදන කරුණු එතුමාගෙන් අවශ්‍ය වෙන්නේ නෑ. ඒ නිසා මේ තෙල් පෝලිම ඉවත් ඉවර වෙන විදිය ගෑස් පෝලිම ඉවර වෙන විදිය ගැන කියන්න ඕන. අපි දන්නවා පෙරේදා ගොඩබෑව ගෑස් නැව මෑතකදී ප්‍රමාදවෙලා ගොඩබැවේ .තෙල් ගොඩබාන කොට ප්‍රමාද වෙනවා ඒ නිසා පෝලිම් දික් වෙනවා විතරක් නෙමෙයි ප්‍රමාද ගාස්තු විශාල වශයෙන් ගෙවන්න සිදුවෙනවා .ඒකේ පාඩුවත් එන්නේ ජනතාවට තෙල් පෝලිම ඉවර කරන්න ජපානයෙන් ගේනවා කිව්වා යුරෝපයෙන් ගේනවා කිව්වා ඇමරිකාවෙන් ගේනවා කිව්වා ගෙනාපු සත පහක් අපිට පේන්න නැහැ. මානුෂීය ආධාර පොඩි ප්‍රමාණයක් දෙනවා. ඒ නිසා දැන් ඉතාම පැහැදිලියි අගමැතිතුමාට ඩොලර් බිලියන තුන හතරක් ගෙනල්ලා මේ පෝලිම් ඉවර කරල ජනතාව ජීවත් කරවීමේ ශක්තියක් නෑ කියලා. විපක්ෂයක් විදියට අපි යෝජනා කරනවා දැන් අපට ඉතිරි වෙලා තියෙන්නේ එක්ක ක්‍රමයයි එය පෝලිම් නැතිකිරීමයි. ඇත්ත වශයෙන්ම පෝලිම් තියෙනවා නම් සංචාරකයන් එන්නේ නෑ ශ්‍රී ලංකාවේ ජනතාවට මෙච්චර දුක් විඳින්න වෙලා තියෙනවා නම් සංචාරකයෝ ලංකාවට එයිද සංචාරකයෝ එන්නේ තමන්ගේ නිවාඩුව ගතකරන්න පෝලීම් තියෙන රටක කරන්ට් එක කපන රටක බඩු මිල අහස උසට තියෙන රටක සංචාරක එයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා පෝලිම් ඉවර කර ගැනීම අත්‍යවශ්‍යයි අගමැතිතුමාට යෝජනා කරනවා මැදපෙරදිග රටවල් සමඟ සාකච්ඡා කරලා අවම වශයෙන් මාස 6පෝලිම් අවුරුද්දකට credit line facility එකක් ගන්න එතකොට තෙල් ටික එනවා. පෝලිම් නැති වේවි. තෙල් වලට දැනට වියදම් කරන මුදල් ගෑස් සහ පොහොර ලබා ගන්න වියදම් කරන්න .එතකොට ගෑස් හෝ තෙල් පෝලිම් නැති වෙනවා ගොවීන්ට පොහොර ලැබෙනවා ඒ වගේම ආහාර අර්බුදයට යම් ආකාරයෙන් විසඳුමක් හොයාගන්න පුළුවන්. පෝලිම් නැතිවුනොත් සැප්තැම්බර් මාසයේ සංචාරක කර්මාන්තයේ season එක එහිදී රට සන්සුන් වෙලා සංචාරකයන් එන්න ගන්නවා එහි දී ඩොලර් මිලියන 250ක් පමණඅලුතෙන් ආර්ථිකයට ඇතුළුවෙලා මාසෙකට ඒ කියන්නේ උන්ඩියල් ක්‍රමයයි බැංකුවයි අතර ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 10ට වඩා අඩු වේවි එහෙම අඩුවුණාම විදේශීය ශ්‍රමිකයන්ගේ මුදල් ගෙන්න ගන්න පුලුවන් එහිදී රට සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න පුළුවන් ඒ නිසා මේ මාධ්‍ය හමු තිය තිය ජාත්‍යන්තරය අරයත් එක්ක කතා කරා මෙයත් එක්ක කතා කරා කියලා වැඩක් නෑ ක්‍රියාවලියයි අවශ්‍ය. අද මේ හැම පෝලිම් එකක්ම පෝලිම් ලයින් තුනක් දක්වා දික් වෙලා ජනතාවගේ පීඩනය එන්න එන්න වැඩි වෙමින් පවතිනවා. සමහර අය හිතාගෙන ඉන්නවා ගෝල්ෆේස් එකේ සෙනග ටිකක් අඩු උනාම අරගලය ඉවරයි කියලා. අරගලය ආවේ කන්න බොන්න නැති කරුවලේ ඉන්න අයගේ පීඩනයත් එක්ක ඒ අරගලයේ මතවාදය එන්න එන්න ජනතාවගේ මනස තුළ වර්ධනය වෙනවා ඒ නිසා දේශපාලනඥයො හිතන්න උත්සාහ කරනවා නම් පක්ෂ හෝ විපක්ෂව අරගලය ඉවරයි ද සාමකාමී කියලා එහෙම නැහැ අනතුරු ඇගවීම ආණ්ඩුවත් විපක්ෂයත් ගත යුතුයි. මේක හරියට සුනාමිය වගේ දෙවෙනි රැල්ල එන්නේ මීට වඩා දරුණු විදිහට මිනිස්සු අද බවුසරයක් දැක්කම සතුටු වෙන ජාතියක් බවට පත්වෙලා තියෙනවා කෑම වේලක් කෑම සතුටු වෙන ජාතියක් බවට පත් වෙන්න සිදු වෙලා තියෙනවා ඒත් එක්කම අද ඉස්සර පෝලිමේ ඉඳලා තෙල් හෝ ගෑස් හරි ලැබනවා අද පෝලිං වල දවස් දෙකේ තුනේ ඉන්න සිදුවෙලා සෙඩ් එක වහලා ගෑස් කඩේ වහලා ඒ නිසා මේකේ ඉවසීමේ සීමාවක් තියේවි. ඒ නිසා ජනතාවක් පෙරළා තමන්ගේ පීඩනය දැඩි විදියට ප්‍රචන්ඩ විදිහට එන්න ඉඩ තියෙනවා එහෙම ආවොත් අඬලා දොඩලා සාධාරණීයකරණය කරලා වැඩක් නෑ යථාර්තය තේරුම් ගත යුතුයි. අපි අගමැතිවරයාට නැවතත් යෝජනා කරනවා මැදපෙරදිග තෙල් ගත්තම credit line එකෙන් මේ ප්‍රශ්නය ඉවර කරගන්න පුළුවන් එයට අවශ්‍ය වැඩ කටයුතු කරන්න කට අවශ්‍ය සහයෝගය විපක්ෂයෙන් ලබාගන්න.

මේ තියෙන අරබුදය පුනර්ජනණීය නංගි පෙන්නලා අදානිලත් එක්ක එකතු වෙලා දූෂිත අක්කව දාන්න හදනවා වගේ මේ තියෙන අර්බුදය තුළිනුත් දූෂණයට පාර කපන ලැහැස්ති වෙනවා. උදාහරණයක් විදිහට කොළඹ මහ නගර සභාවේ භූමිය ඓතිහාසික භූමියක් විදිහට නම් කරලා තියෙනවා ඒකෙ වගා කරන්න යනවා දැන් වගා සංග්‍රාමයක් කියලා පටන් අරගෙන විහාර මහා දේවි එකේ ඉඳලා කොළඹ නගරයේ ඉඳන් ටික දෙන්න යනවා පැහැදිලිවම කොළඹ නගරයේ පර්ච් එකක් මිලියන දහයක් පහලවක් ඒවම අවශ්‍යද වගා කරන්න ලංකාවේ ඕන තරම් ඉඩම් තියෙනවා වගා කරන්න කොළඹ නගරයේ ඉඩම් වාණිජ වටිනාකම් ඉහල ඉඩම් සේවා ආයෝජන කලාප තොරතුරු තාක්ෂණ කලාප භූමි මේවා වගා කිරීමේ මුවාවෙන් තම තමන්ගේ ගජ මිතුරන්ට දොළ පිදේනි දීම සඳහා සූදානම් වෙනවාද කියලා අපට සැකයක් තියෙනවා ඒ නිසා අපි පැහැදිලිවම කියන්න කැමතියි රට හමුවේ තියෙන අභියෝග වලට අපි මුහුණ දෙන්න ඕන ඒ අභියෝග ජයග්‍රහණය කරන්න ඕන. ඒ සඳහා වවන එක හොඳයි අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ඒක කරන්න ඕන තරම් ඉඩම් තියෙනවා ජල පෝෂක ප්‍රදේශ තියෙනවා මිනිස්සු සූදානමින් ඉන්නවා ඒ ප්‍රදේශවලට ගෙනිහිල්ලා ඔහුට ලබා දුන්න නම් ඒ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ අපේ රටේ මෙතුවක් කල් පොහොර ලබා දෙන හැම වෙලාවෙම වී ගොවිතැනට එළවළු ගොවිතැනට පලතුරු ගොවිතැනට ගොඩ බෝග වගාව කිසිම ප්‍රශ්නයක් ආවේ නෑ සුලු අපනයන බෝග වලට ප්‍රශ්න ආවෙත් නෑ මේ ප්‍රශ්ණය ආවේ පොහොර නොදීම නිසා එය ලබා දෙන්න වැඩ කටයුතු කරානම් වගා සංග්‍රාමය රටේ ඕනෑම තැනක ආරම්භ කරන්න වාණිජ භූමි වගා සංග්‍රාම මුවාවෙන් කොල්ලකාලා තමන්ගේ ගජ මිතුරන්ට ලබාදීමේ වැඩසටහන ඉවත් කරගන්න කියලා අපි ජනාධිපති අගමැතිට ඒ වටේ ඉන්න කණ්ඩායමටයි කියන්න කැමතියි.

balavegaya WhatsApp Image 2022 06 16 at 12.55.43 PM