විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විවෘත විශ්වවිද්‍යාලයේ පෙනී සිටි පාරිසරික විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති විභාගයේ මුල් විෂයයන් දෙකෙන් විශිෂ්ට සාමාර්ථයන් දෙකක් සහිතව සමත් වී ඇත.

balavegaya letter

ඒ අනුව Environmental Policy Planning And Assessment විෂයට A+ සාමාර්ථයක්ද, Environmental Economics And Management විෂයට A- සාමාර්ථයක්ද ප්‍රේමදාස මහතා විසින් හිමිකරගෙන තිබේ.

මේ ආකාරයට තනතුරේ සිටියදී පාරිසරික විද්‍යාව පිළිබදව ශාස්ත්‍රපති උපාධියක් හිමිකරගත් ලංකාවේ පළමු දේශපාලන නායකයා ලෙස සැලකෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාය.

මේ වනවිට සිදුවන පරිසර විනාශයන් හේතුවෙන් ලෝකයේද පරිසර විනාශය සම්බන්ධ ගැටලුව පිළිබදව විශාල අවධානයක් යොමුව තිබේ.

ඒ අනුව ලෝක නායකයන් මේ වනවිට පරිසරය සම්බන්ධ විෂය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වමින් කටයුතු කරන ආකාරයක් දැකගන්නට ඇත.

balavegaya sajith premadasa 3
balavegaya sajith premadasa 2