පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව ඉදිරිපත් කළ වාර්තාවේ තබමත් soft copy එකක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර නැති බවත් එහි සම්පූර්ණ වාර්තාව මෙතෙක් කාදිනල්තුමාට හෝ පාර්ලිමේන්තුවට ලබා දී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි .

ඔහු කියා සිටියේ සහාරන් භාවිතා කළ වාහනය පොලිස් ඇමතිවයාට පාවිච්චි කිරීමට හිරිකිතයක් නැද්ද යන්න පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ සිටියේය .

චමුදිතට එල්ල වු ප්‍රහාරය පිළිබඳ තවමත් තොරතුරු වාර්තා කර නොමැති බවත් ලංකා හොස්පිටල් තිබු බෝම්බය සම්බන්ධයෙන් තවමත් තොරතුරු අණාවරණය වී නොමැති බව ද, හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය .

පාස්කු ප්‍රහාරය සාපයක් වී ජනාධිපතිවරයාට ගෙදර යමේ තත්ත්වයක වර්තමානයේ පැමිණ ඇති බවත් විශාල බලයකින් බලයට පත් ආණ්ඩුව කවුරුන් ද? හිතුවේ මෙවැනි තත්ත්වයක් උද්‍රා වෙවි ද යන්න මන්ත්‍රීවරයා කියා සිටියේය .