නීතිඥ වෘත්තියේ වසර 50ක කාලයක් සම්පූර්ණ කරමින් කරන ලද මෙහෙවර උදෙසා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ගෞරව උපහාර පිරිනැමීමක් සිදු කර තිබෙනවා.

නීතිඥ වෘත්තියට වසර 50ක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් කොළඹ ගලදාරී හෝටලයේ පැවැති උත්සවයේදී මෙම සම්මාන උළෙල පැවැත්වූ අතර ලක්ෂණ කිරිඇල්ල මහතාගේ බිරිඳ වන ශාමේන් කිරිඇල්ල මහත්මියටද මෙම උපහාර පිරිනමා ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධාන කළ මෙම උත්සවය අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහනුවර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දශක ගණනක් පුරා ජනතාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන කිරිඇල්ල මහතා ජනතා ප්‍රසාදයට පත් දේශපාලන නායකයෙක් ලෙස රටේ ජනතාවගේ ගෞරවය දිනාගෙන ඇත.