කෝප් කමිටු සභාපති තනතුරෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඉවත් වන තුරු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවෙකු ඊට සහභාගී නොවීමට තීරණයක් ගෙන තිබෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට කියා සිටියේ කෝප් කමිටුව පිළිබඳව ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය සමනයකට පත්කිරීමට වහාම පියවර ගත යුතු බවත් රෝහිත අබේගුණවර්ධන ඉවත්කරන තුරු පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් දැඩි විරෝධතා දක්වන බවයි.

එසේ කරමින් ඉතා ශේෂ්ඨ මන්ත්‍රීවරුන් සභාපතිකම් දරමින් ඉදිරියට රැගෙන ආ කෝප් කමිටුවේ ගෞරවය හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීමට මැදිහත්වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.