රාජපක්ෂ පවුල් පාලනය ඉවත් කිරීමට අද වන විට පක්ෂ පාට, ජාති ආගම් භේදයකින් තොරව සියලුදෙනා පාරට බැස ඇති බවත් ඔවුන්ට සමගි ජන බලවේගය සහය ලබා දෙන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පවසයි .

රටේ ජනතාවගේ , දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රාජපක්ෂ පවුල් පාලනය ඉවත් කර යුතු බව මන්ත්‍රීවරයා කියා සිටියේය .

රටේ ජනතාව ඉල්ලන අලුත් දේශපාලන ගමනට සමගි ජන බලවේගය සහයෝගය ලබා දෙන බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

සටහන – CJ