මේ ජනාධිපති හෝ අගමැති එක්ක මොන ආණ්ඩුද? විපක්ෂ නායක සජිත් අසයි.

ජනතාවගේ දුක් වේදනාව නොතේරෙන ජනාධිපති හෝ අගමැති සමග එක්ව ආණ්ඩුවක් කරන්න නොහැකි බවත් ඔවුන් කරමින් ඉන්නේ ජනතාව සමග සෙල්ලම් කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙරට ආහාර පාන සැකසීම,බෙදාහැරීම, පිලිබදව අදාල ක්ශේත්‍රය නියෝජනය කරන ශ්‍රීලංකා ආහාර සැකසුම් කරුවන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායකතුමා සමග සාකච්ඡාවක් අද(17)විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

අද රට පත්ව ඇත්තේ නායකයින් විසින්ම නිර්මාණය කළ ඛේදවාචකයකට බවත් 

මිත්‍යාව මත තීන්දු තීරණ ගැනීමේ ඛේදවාචකය අද රටම භුක්ති විදිමින් සිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ජනපති සහ අගමැති රටට කියන්නේම “නැති බව සහ බැරිකම” බව කී විපක්ෂ නායකතුමා ආණ්ඩුව කරන්නේ නොහැකියාව ප්‍රකාශ කිරීම බවත් මේ අවදානම පිළිබඳව,දිගින් දිගටම තම ඇතුලු විපක්ෂය කී කිසිවක් ආණ්ඩුව නෑසු බවද කීය.ආණ්ඩුව පැමිණි විගසම ධන කුවේරයන්ට බදු සහන ලබාදීමේ විපාකයට රට මුහුණ දෙන බව කී විපක්ෂ නායකතුමා,අපේ රට ශ්‍රේණිගත කිරීම්වල පහලට යනවිට ආණ්ඩුව කීවේ එය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව යැයිද පැවසීය.

අද පෝලිම්වල ජනතාව මැරෙන තැනට රට පත්ව ඇති බවත් නැහැ,බැහැ,බලමු යැයි කියන්නට ආණ්ඩුවක් අවශ්‍ය නැති බවද ඒ මහතා කීය.

පැලැස්තර විසදුම් වලින් රට ඉදිරියට නොයන බව කී විපක්ෂ නායකතුමා එකම විසදුම ජනවරමක් තුළින් ලැබිය යුතු බවද කීය.