ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර කැදවීමේ බලය ජූලි මස 17වන දිනට පසු ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසමට හිමිවේ.

ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් මස අඟ සතියේ හෝ ඔක්තෝම්බර් මස මුල් සතියේ පැවැත්වීමට නියමිත බව මේ වනවිට වාර්තා පළවේ.

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ මූළික කටයුතු මේ වන විට මැතිවරණ කොමිසම විසින් ආරම්භ කර ඇත.

මෙම වර්ෂයට අදාළ ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම අද දිනයේ සිට ආරම්භ කර තිබේ.

ඒ අනුව මැයි මස 10 වනදා දක්වා මෙම ක්‍රියාවලිය සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කර සිටියි.

මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කරගැනීමට නොහැකි වූ පිරිස් ග්‍රාම නිලධාරී කාර්යාලයට හෝ මැතිවරණ කාර්යාලයට ගොස් සිය නම ඇතුළත් කිරීමට ද මේ වන විට අවස්ථාව සලසා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කර සිටියි.