බොරතෙල් තොග අවසන් වීම නිසා හෙට (15) උදෑසන සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නතර වන බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

“හෙට 15 වෙනිදා උදේ පාන්දරම තෙල් පිරිපහදුව නවත්වනවා, තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය නවත්වනවා. අවුරුදු 51යි තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය ඩඩ්ලි සේනානායක මැතිතුමා 1967 මුල්ගල තියලා ආරම්භ කරලා, 1969 ජුලි මාසෙ වැඩ ආරම්භ කරලා එදායින් පස්සෙ ඉතිහාසයේ පළවෙනි වරට පිරිපහදුව නවත්වනවා හෙට. ඇයි ? බොරතෙල් ලෝකයේ නැති හින්දා නෙවෙයි පිරිපහදුව හෙට වහන්නේ, ඇති වෙනකල් බොරතෙල් තියනවා. බොරතෙල් ගේන්න නැව් නැති හින්දා නෙවෙයි, ඒක ගැටළුවකුත් නෑ. බොරතෙල් සපයන සැපයුම්කරුවො නැති හින්දා නෙවෙයි, ඒකෙ ගැටළුවකුත් නෑ. නමුත් ආණ්ඩුවක් වෙනත් දේවල් වලට අර බල්ලාගෙ වැඩේ බූරුවා කරනවා වගේ කරන්න ගිහිල්ලා ප්‍රකාශ නිකුත් කරන බලශක්ති ඇමති උදය ගම්මන්පිල තමන්ගෙ කාර්යය ඉටු කෙරුවෙ නෑ.

මම වගකීමෙන් කියන්නෙ, එයා සභාපතිත් එක්ක ඔක්තෝබර් 11 වෙනිදා මාධ්‍යයට කියනවා තෙල් මිල වැඩි කරන්නලු. ගම්මන්පිල ඇමතිතුමාගෙ කට ඇරෙන්නෙ තෙල් මිල වැඩිකරන්න. ලෝකෙ ඉන්ධන මිල අඩුවෙනකොට ජුනි 11 ඇවිල්ලා මාධ්‍යයට කිව්වා තෙල් මිල වැඩිකරන්න ඕනෙ, ඒ තෙල් මිල වැඩිකරන්නෙ තෙල් අඛණ්ඩව ගේන්නයි, බැංකු දෙක රැකගන්නයි කියලා. අද බැංකු දෙකත් කඩාවැටිලා තෙල් ටික ගේන්නත් බෑ”

ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ අද (14) විපක්ෂ නායක කර්‍යාලයේ