පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විශේෂඥ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා විසින් 2021, 2022 සහ 2023 වසරවල් ආශ්‍රිතව සිදු කරන ලද විශ්ලේෂණයකට අනුව මහපොළ සහ ශිෂ්‍යාධාර වෙනුවෙන් වෙන් කරන ලද අරමුදල් සියයට 19කින් අඩු වී ඇති බවත් මහපෙළ සහ ශිෂ්‍යාධාර ලබා දිමේ දී ලොකු ප්‍රමාදයක් සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වසර 3ම මහපොළ සහ ශිෂ්‍යාධාර සදහා සියයට 19ක මුදල් කප්පාදුව ඉදිරියටත් ක්‍රියාත්මක කරනවාද සහ අඩුපාඩු වු මුදල් 2024 ලබා දෙනවාද කියා විමසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ මූල්‍ය පාඩුව නැවත ලබා දීමටත් නියමිත වේලාවට ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.