ආණ්ඩුව මොන බාදක දැමුවත් 16 දින සමගි ජන බලවේගය මගින් සංවිධාන කර ඇති විරෝධතාවය අනිවාර්යයෙන්ම පවත්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි .

ඔහු පවසන්නේ 16 වනි දින පැවත්විමට නියමිත විරෝධතාවය පොලිය යොදා නතර කිරිමට කටයුතු කරමින් සිටින බවත් අධිකරණ නියෝග ද ලබා ගැනිමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි .

ජනතාවගේ ශක්තිය පෙන් විමට ආණ්ඩුව මොන බාදක දැමුවත් විරෝධතාවය සිදු කරන බවද කියා සිටි මනුෂ නානායක්කාර මහතා ආණ්ඩුවට කරන්න බැරි නම් කරන්න පුලුවන් කණ්ඩායමට ලබා දි ඉවත් වෙන ලෙස පවසා සිටියේ ය.

සටහන – CJ