රට පුරා පළාත් පාලන ආයතන ගොඩනැගීම උදෙසා කැපකරු ක්‍රමයක් ඇති කිරීමත්,ලෝකයේ පළාත් පාලන ආයතන ක්‍රමය ස්ථාපිතව ඇති රටවල් සමඟ මිත්රත්ව පළාත් පාලන ආයතන වැඩපිළිවෙළක් සකස් කිරීමත්,සෑම මොහොතක්ම මහජන සුබසිද්ධිය උදෙසා කැපවන පළාත් පාලන ආයතන පද්ධතියක් නිර්මාණය වැනි අලුත් සංකල්ප හරහා මෙරට පළාත් පාලන ආයතන දියුණු කිරීම තමන්ගේ අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අපි අලුත් සංකල්ප 2ක් හරහා අපි බලාපොරොත්තු වෙනවා සභාවලට මුදල් ලබා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ඉන් එකක් තමයි ජාත්‍යන්තරයේ ධනවත් රටවල ඇති පළාත් පාලන ආයතන සමග සහෝදරත්ව මිත්‍රත්ව සංකල්පය ක්‍රියාත්මක කරනවා. ඒකට කියන්න සිස්ටසිටි බ්‍රදර් රිලේෂන් ෂිප් කියලා. 1993 වසරේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඒක ආරම්භ කළා. මොකද්ද ඒකේ තේරුම. රටේ තියෙන පළාත් පාලන ආයතන 341ම අපි බද්ද කරනවා ධනවත් රටවල පළාත් පාලන ආයතන 341ත් සමග. මම සතුටින් තමුන්නාන්සේලාට කියන්න කැමතියි මේ වන විට ඒ වැඩේ දැනටමත් පටන් අරගෙන කියලා. ඒ හරහා පොහොසත් රටවල පළාත් පාලන ආයතන සමග ඇති කරගන්නා මිත්‍රත්ව සංවිධානය තුල අපේ පළාත් පාලන ආයතනවලට අවශ්‍ය සම්පත් ආදායම් ධනය ලබා ගන්න පුළුවන්. ඒ වගේම සෑම පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් ම වෙනමම සත්කාරක කණ්ඩායමක් ඇති කරන්නත් අපේක්ෂා කරනවා. කුරුණැගල නගර සභාවට ප්‍රදේශිය සභාවද සුළු නගර සභාවද හැම පළාත් පාලන අයාතනයකටම ඒ වෙනුවෙන් කැපවුණු කැපකරු ක්‍රමයක් ආරම්බ කර මේ රට සහ පිටරටවල ධනවතුන් සම්බන්ධ කර ගෙන මේ වන විට හුස්ම වැඩසටහන කරන්නේ කොහොමද සක්වල වැඩසටහන කරන්නේ කොහොමද බස් රථ බෙදලා දෙන්නේ තොරතුරු තාක්ෂණ වැඩසටහන් කරන්නේ කොමාද කියලා පෙන්වල තියෙන්නවා. එ සුලු කොටසක් විතරයි. ඔබලා පළාත් පාලන ආයතනවල බලය අප වෙත ලබා දෙන කොට මම පොරොන්දු වෙනවා අපේ රට අනිවාර්යෙන්ම සීඝ්‍ර සංවර්ධනයක් බවට පත් කිරීමේ වගකීම පළාත් පාලන ආයතන කේන්ද්‍ර කර ගෙන බිම් මට්ටමේ ජනතා කේන්ද්‍ර කර ගෙන අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ ඊයේ කුරුණෑගල සත්‍යවාදී පිටියේ දී නිරුත්තර රටක උත්තරය මැයෙන් පැවැති සමගි ජනබලවේගයේ මංගල ජන රැළිය අමතමිනි. සමගි ජනබලවේගයේ නායකයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඊට එක්ව සිටියහ.

එසේම පාස්කු ප්‍රහාරය ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පැවසූ විපක්ෂ නායකතුමා,ඊට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ කිසිවෙකුට ඉන් ගැලවී යාමට ඉඩනොදෙන බවද පැවසීය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට කිසියම් හෝ ආකාරයකින් සම්බන්ධ කිසිවෙකුත් සමග දේශපාලනයක් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා,කිසිවිටෙකත් කුමන තත්වයක් යටතේවත් ඔවුන් ආණ්ඩුකරණයට සම්බන්ධ කරනොගන්නා බවද පැවසීය.