ආණ්ඩුව දෙකට බෙදී එනම් මුදල් අමාත්‍යවරයා හා මහබැංකු අධිපතිවරයා දෙකට බෙදී වත්මන් අර්ථික අර්බුදය විසදා ගන්නේ කෙසේද යන්න සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අසා සිටියේය .

“අපි දකින මූලික ගැටලුව තමයි ආණ්ඩුව දෙකට බෙදිලා ආර්ථික ප්‍රශ්න විසඳන්නේ කොහො කියලා. එක පැත්තක් නිවාඩ් කබ්රාල් මහතාගේ කණ්ඩායම. අනිත් පැත්තෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායමක දැන් අපි දැක්කා ජාතියන්තර මූල්‍ය අරමුදල ලොක්කෝ ඇවිත් ලංකාවට ඔහු ඇවිත් පහුගිය පළවෙනි දවසේ රාජපක්ෂ බැසිල් සහ ආටිගල යන අය හමුවෙලා තිබුණා මුදල් අමාත්‍යාංශයේ. දෙවෙනි දවසේ ජනාධිපතිතුමා සහ ඔහුගේ ලේකම්තුමා හා උපදේශක තුමා හැබැයි සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුම අත්සන් කරන්නේ පාර්ශව දෙකක් එක පාර්ශවයක් තමයි මුදල් ඇමතිවරයා අනිත් පාර්ශ්වය තමයි මහ බැංකු අධිපතිවරයා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අය මහ බැංකු අධිපතිවරයාව හමුවෙලාවත් නැහැ ඒක තමයි අපට මාධ්‍යයෙන් අනාවරණය වෙලා තියෙන්නේ එතකොට අපි දකිනවා මේක දැන් ප්‍රශ්නයට හේතු පිළිබඳව ඇතුලේ අභ්‍යන්තර මතභේදයක් පටන් අරගෙන තියෙනවා. දැන් කට්ටිය වෙන වෙන පුද්ගලයන්ගේ ඔලුවට මේ හේතු පටවන්න හදන නිසා ඇතුලේ අර්බුදය දැවැන්ත ලෙස වර්ධනය වෙලා තියෙනවා. ඊයේ වෙනකොට සමාජ මාධ්‍ය වල පැතිරෙන කතාව තමයි නිවාඩ් කබ්රාල් මහත්තයා ගෙදර අරින්න රාජපක්ෂ පවුල තීරණය කරලා තියෙනවා කියලා ඒකෙ ඇත්ත බොරු අපි දන්නැහැ කොහොමත් ජූලි මාසය තමයි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අධිපතිවරයාගේ කාලේ ඉවර වෙන්නේ. ඒකේ ඔහු ගියාට පස්සේ ටික කාලයක් ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහාචාර්යවරයා ගෙ කාලෙ තිබුනා ඒකෙ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ තුන්වැනි කොටස නමයි නිවාඩ් කබ්රාල් අධිපතිවරයා මේ දැන් ගෙවන්නේ එක ජූලි මාසේ ඉවරයි එහිදී තීරණයක් ගන්න පුළුවන් මෙයාව තියාගන්නවද පන්නල දානවද කියන එක සම්බන්ධයෙන්.

දැන් මොකද්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිත් ජනාධිපතිතුමාට කිව්වේ .ජනාධිපතිතුමාට කියල තියෙන්නේ මේ ප්‍රශ්නයට හේතුව මොකක්ද? දැන් ඉරාන් ඇමතිතුමා කබීර් ඇමතිතුමා පෙන්වාදුන් හැටියට ඔවුන් කියන්න හදනවා ලෝකෙ හැමතැනම මෙහෙම වෙලා තියෙනවා මම දැක්කා ඩලස් අලහප්පෙරුම ඇමති තුමා කරන මාධ්‍ය සාකච්ඡාවේ we are with gota හෑෂ් ටැග් එකක් අරන් තිබුනා මං දැක්කා සිරස රූපවාහිනියෙන් ද කොහේද ඒක go home gota එක්ක තරගයක් තිබුණා go home gota ට සියයට අනු ගානක් තියෙන්න ඇති අනිත් එකට සියයට දහයක්වත් තිබුන කියලා මං හිතන්නේ නැහැ ඒක තමයි අද රටේ බහුතර මතය .මේක class difference එකක් නැතුව තමයි ඊයේ කට්ටිය ආවේ BMW කට්ටිය ආවා ඇවිදගෙනත් කට්ටිය ආවා මාසෙකට ලක්ෂ 10 හොයන කට්ටියත් ආවා. මාසෙකට විසිපන්දාහක් හොයන කට්ටියත් ආවා මුළු සමාජයම එතනට ඇවිත් තියෙනවා.”

යනුවෙන් විපක්ෂ නායක කාර්‍යලයේ අද (16) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේය .