දකුණේ කාන්තා අපයෝජනයට දායක වූ මිනිසුන් මේ දේශපාලනයේ සිටින බවත් කාන්තාවන් සියයක් අපයෝජනය කළත් අද ඔවුන් නිදහසේ කල් ගෙවන බවත් සමගි ජන බලවේග රජයක් තුළ මේ නීතියේ ඇති සිදුරු වසා කාන්තාවට ආරක්ෂාව ලැබෙන ආකාරයට සකස් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය ඊයේ ගාල්ලේ පැවැති සමගි වනිතා බලවේගයේ මහා සමුළුව අමතමින් පැවසීය.

අද වන විට අප රටේ දරුවන් විශාල ප්‍රමාණයක් පාසල හැර යන බවත් දරුවන්ට නිසි පෝෂණය දෙන්න බැරි නම් මන්දපෝෂණයට ලක් වෙනවා නම් එය දරුවාගේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් එයට හේතුව ජීවන වියදම වැඩි වී ඇති බවත් මෙය දරුවන් අපයෝජනයට ලක් කිරීමක් බවත් එම අපයෝජනය සිදු කරන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බවත් මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ හැමදේම සිදුවන බවත් ඇය පැවසීය.

අප රටේ දරුවන්ට, මව්වරුවන්ට හා කාන්තාවන්ට කිසිදු ආරක්ෂාවක් නොමැති බවත් යහපාලන සමයේ අවුරුදු 5ට අඩු දරුවන් සිටින අම්මාලාට රට යන්න බැහැ යනුවෙන් නීතියක් තිබුණත් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එය අවුරුදු 2ට අඩු කළ බවත් දරුවන්ගේ ජීවිතයේ හොදම කාලයේ මව්වරු ළඟ සිටිය යුතු වුවත් අද එය සිදු නොවන බවත් ඇය වැඩිදුරටත් පැවසීය.