හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දූෂණ විරෝධී බලවේගය සභාපති මුජිබර් රහමන් මහතා ඇතුළු පිරිසක් අද (18)පෙරවරු 10:30 ට වරාය අධිකාරියේ මූලස්ථානය වෙත පිවිසීමට නියමිතයි.

ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ඉඩමක් නියමිත ක්‍රමවේදයට අනුගමනය නොකරමින් පෞද්ගලික අංශයට පැවරීම පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු දැනගැනීම පනත යටතේ ඉල්ලුම්පතක් භාරදීම සදහායි.