විදුලි බල මණ්ඩලය හිටපු සභාපතිවරයා කැදවු පාර්ලිමේන්තු කෝප් කමිටු රැස්වීමෙ සජීවී පටීගත කිරිම මාධ්‍යට නිකුත් නොකරන්න කෝප් කමිටුව අද තිරණය කර තිබෙනවා.

මෙවැනි ඉතා වැදගත් සිදුවිමක් පිලිබද සජීව පටීගත කිරිම මාධ්‍යට නිකුත් නොකිරිම අනියමින් සිදුවිය ඇති අක්‍රමිකතාවලට කෝප් කමිටුව ලබා දුන් සහය දිමක් ලෙස මාධ්‍ය රැසක් වාර්තා කර ඇත.

පසුගිය දා කෝප් කමිටුව හමුවෙ පෙනි සිටි විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටියේ මන්නාරම සුලං බලාගාර ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දෙන්නැයි ජනාධිපතිවරයා තමන්ට බලකල බවයි.

නමුත් ඉන් දින කිහිපයකට පසුව හිටපු සභාපතිවරයා තමන් කෝප් කමිටුව හමුවේ සිදු කල ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන තිබෙනවා.