මුදල් නිදහස් කර සැලසුම් කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පවත්වා ජනතා පරමාධිපත්‍ය බලය සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා ඇති රුපියල් බිලියන 10ක මුදලින් මේ වන විටත් බිලියනයක් මැතිවරණ ක්‍රියාකාරකම් සඳහා වැය කර ඇති බව ඊයේ (27) යොමු කර ඇති එම ලිපියේ දැක්වෙනවා.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීම නොපවැත්වුවහොත් විිනාශ වන රුපියල් බිලියනයක මුදලට වගකිවයුතු වන්නේ කවුරුන්ද යන්න පැෆරල් සංවිධානය එම ලිපියෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර තිබෙන බව සඳහන්.