අලුත් අගමැති තුමා යටතේවත් අර්බුදයට විසඳුමක් පේනතෙක් මානෙක නැති බව අද (23) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති 2 වන මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මැතිතුමා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා.

අද වනවිට අලුත් අගමැති තුමා යටතේවත් අර්බුදයට විසඳුමක් පේන තෙක් මානෙක නැහැ. අපිට පේනවා පෙට්ට්‍රල්, ඩීසල්, ගෑස් ,භූමිතෙල් අත්‍යාවශ්‍ය ආහාර හැම දෙයක්ම ඉහළ යනවා. හිඟවීම දවස ගානේ වැඩි වෙනවා විශාල කඩාවැටීමක් රට තුළ සිදුවෙනවා.අලුත් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්වෙලා මාස දෙකකට ආසන්න වෙලා තියෙනවා. ඒ කාලය තුළ පාර්ලිමේන්තු සැසිවාරය දෙවෙනි වරටත් ඊයේ විග්‍රහයක් ආර්ථික තත්වය ගැන ඉදිරිපත් කළා. මේ මාසයක කාලය තුළ දෙවෙනි ඉදිරිපත් කිරීම එතුමා කළේ. එතුමා විසඳුම් හැටියට ඉදිරිපත් කළේ IMF සමග සාකච්ඡාවට යන්න ඕන බවත් ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන්න අවශ්‍ය බවත් තුන්වෙනි යෝජනාව හැටියට ණය ආධාර සමුළුවක් සංවිධානය කිරීමයි.

එහිදී අපට පේන දේ තමයි අවුරුද්දකට කලින් අපේ පක්ෂයේ ඉන්න ර්ථික කමිටුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාත් කිහිප වතාවක්ම මේ ආණ්ඩුවට යෝජනා කරපු කරුණු තුනමයි දැන් අලුත් අගමැතිතුමා යෝජනා කර තියෙන්නේ .එදා අපි මේ කරුණු තුන කියනකොට මේ ආණ්ඩුවේ ඉන්න ජනාධිපතිතුමා කැබිනට් ඇමතිවරු හිටපු මහ බැංකු අධිපති ඇතුළු මුදල් ඇමතිවරු සියලුම දෙනා ඒ කාරණා ප්‍රතික්ෂේප කරා. ඔවුන් කිව්වා සංචිතවල ප්‍රශ්නයක් නැහැ, මුදල් වල ප්‍රශ්නයක් නැහැ , ණය ගෙවන්න ඕන තරම් සංචිත තියෙනවා කියලා. එහෙම කියලා අන්තිමට මොකක්ද කළේ සංචිත ඔක්කොම නැති කළා. එදා අපි කියපු මේ යෝජනා තුන අවුරුද්දකට කලින් කරානම් අද මේ අර්බුදය මතු වෙන්නේ නෑ. මේ අර්බුදයෙන් අපට ගැලවෙන්න තිබුණා එදා අපි මේ යෝජනා කියනකොට අර්බුදය ගැන පැහැදිලි කරන කොට මේ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරු හා ජනාධිපතිතුමා මේවා ප්‍රතික්ෂේප කරා නමුත්
එදා අපි කියපු දේම දැන් නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ අගමැති තුමා කියනවා .

ඒ වගේම තමා කිව්වා කෘෂිකර්මය බිඳ දමලා කිව්වා . කෘෂිකර්මය බිඳ දැම්මේ කවුද? ජනාධිපතිතුමා ගත්ත මෝඩ තීන්දුව උඩ එය බිඳවැටුණා අද රසායනික පොහොර තහනම් කිරීම උඩ සම්පූර්ණයෙන්ම ගොවි ජනතාවගේ ආර්ථිකය හා එහි ජනතාවගේ ජීවන පැවැත්ම සියලු දේවල් කඩාවැටිලා. දැන් ආණ්ඩුව කියනවා ඔක්කොටම වවන්න කියනවා . රජයේ සේවකයන්ට නිවාඩු දෙනවා සිකුරාද දවසේ ගෙදර ඉදන් වවන්න කියලා ⁣එසේ සිකුරාද දවස නිවාඩු දෙන්න ඕන නෑ පොහොර ටික දුන්නා නම්. ගොවියෝ ටික මහ පාරට ඇදලා දාලා ඔවුන්ගේ ආර්ථිකය බිඳ දාලා කෘෂිකර්මය විනාශ කරලා. දැන් රජයේ සේවකයන්ට කියනවා දවසක් ගෙදර නිවාඩු දෙනවා ගෙදර ඉදලා වගා කරපන් කියලා. මොන විහිලු ක්‍රියාවක් ද මේ කරන්නේ. මේ රටේ තිබුණු කෘෂිකර්මය විනාශ කරලා ගොවීන් මහපාරට දමලා ද්ඝෝෂණ වලට පොලඹවලා රජයේ සේවකයන්ට කියනවා අපි උඹලට සිකුරාදා නිවාඩු දෙනවා වගාකරන්න කියලා.

මේකේ තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මේ තුළ අපට පේන්නේ දේ නිසි සැලැස්මක් උඩ මේ ගමන යන්නේ නැහැ කියන එක. රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් 21ක් ගැන පාර්ලිමේන්තුවේදී කිව්වා. අපි අහනව 21 ගේන්න හදන්නේ 19 plus එකද 21minus එකද. අපට තියෙන තොරතුරු අනුව 19 minus ඒ කියන්නේ මේ ජනාධිපතිවරයට තියෙන බලතල කප්පාදු නොකර ඊළඟට එව ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරන්න එක එය රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තියෙන ඉදිරි අවුරුදු දෙක බලතල කප්පාදු නොකර ඒවා බුක්ති විඳින්න දීලා ඉදිරියේ දී පත් වන ජනාධිපතිතුමාට බලතල කප්පාදු කරන්න. 19 minus එක ගේන්න යන්නේ. හැම කෙනාටම තේරෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හින්දා තමයි මේ අර්බුදය මතු වුණේ කියලා. එයාට මේ ලබා දීපු අධික බලතලත් එක්ක තමයි මේ රටේ ආර්ථික හා සමාජ දේශපාලන හැම එකක්ම නිර්මාණය වුණේ කියන එක ඒක තේරුම් ගන්න බැරි ඇයි. ඒක තේරුණ නිසා තමයි රටේ ජනතාව නැගිටලා කීවේ gota go home කියලා. රාජපක්ෂ රටින් යන්න කිව්වේ ඒකයි රට පුරා උද්ඝෝෂණ ඇතිවුණේ ඒ ආපු ජනතා විරෝධය තමයි 09 වැනිදා විනාශයකු වුණේ .එසේ ජනතාව නැගිටලා ආවේ රාජපක්ෂ පාලනය අවසන් කරන්න. මෙහි 09 වෙනිදා ඒ පාලනය ඉවත් කරන්න අවස්ථාවක් ආවා ඒකෙ නැති කළේ කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනතා විරෝධය පිට් පොකට් ගහලා අගමැති වුණේ නැත්නම් රාජපක්ෂ පාලනය පවුල් පාලනය අවසානයකට ගෙන්න තිබුණා ඒ අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහත්තයා අහිමි කරා එසේ අහිමි කරලා අද මොකද්ද එයා කරන්නේ රාජපක්ශලා එක්ක බලතල බෙදා ගෙන තියෙනවා.එයත් බලයේ ඉන්නවා රාජපක්ෂලත් බලයේ ඉන්නවා. ඒකයි වෙන්නේ අගමැතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයේ ඉන්න ගමන් මෙයා අනිත් පැත්තෙන් රාජපක්ෂලා ආරක්ෂා කරනවා ඒක තමයි සිස්ටම් එක.

මතක තියාගන්න 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී රාජපක්ෂලාට ජනමතයක් ලැබුණා අගමැති වෙන්න. 2020 පාර්ලිමේන්තු මැතිවරණය ඒක ලැබුණා. ඒ ජනමතය ඉල්ලා අස්වෙනවාත් එක්කම නැතිවුණා මහින්ද රාජපක්ෂ මහත්තයට ලැබුණ මැන්ඩේට් එක ඉල්ලා අස්වීම හා කැබිනට් මණ්ඩලයේ ඉවත් වීම තුළ ඒ ජනමතය අද වෙනකොට නිෂේධ වෙලා තියෙන්නේ එහෙම නම් ඒ ජනපදය නිෂේධ වෙලා තියෙද්දි කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙන්නේ. එහෙම ජනමතයක් නැහැ මේක ඇත්තටම අපි බැලුවොත් නීතිවිරෝධී පත්වීමක් . ජනමතය නැතුව ජනතාවගේ එකඟත්වයක් නැතිව රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ මහත්තයා අතර ඇතිවෙච්ච ගනුදෙනුව උඩ පත්වෙච්ච පත් වීමක් තමයි මේක.

මේ පාර්ලිමේන්තුව අද විකෘති තත්ත්වයක තියෙන්නේ මොකද රාජපක්ෂලාට මිනිස්සු ඡන්දේ දුන්නේ වික්‍රමසිංහට විරුද්ධව ඒ රාජපක්ෂලාට මේ රටේ ජනතාව ගෙනාපු විරෝධය හා ඒ රාජපක්ෂලාට මේ රටේ ආපු ජනතා විරෝධය හින්දා පාලන බලය අතහරින්න සිදු වුණා එහෙම නැතිව මහින්ද රාජපක්ෂ මහත්තයා කැමැත්තෙන් ගෙදර ගියේ නැහැ. අසනීප නිසා ඉවත් වුණේ නැහැ .අගමැතිකම කරගන්න බැරි නිසා ඉවත් උනෙත් නැහැ. ඉවත් වුණේ ජනතාවගේ විරෝධය ආවා ඒ විරෝධය නැගිටීම අනුව රාජපක්ෂලාට ආපු විරෝධය නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාට අයින් වෙන්න සිදුවුණා. එහෙම නම් ඒ අයින් වෙච්ච ජන මතය ඉවරයි කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තයා එතනට යන්නේ එය සදාචාර විරෝධීයි.කිසිදු ආකාරයෙන් ජනතාවගේ අනුමැතියක් නෑ එයට අනුමැතිය ලැබුණේ රාජපක්ෂලා පවුලෙන් විතරයි. මේ පාර්ලිමේන්තුවේ රාජපක්ෂලා විස්වාස කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තය විතරයි ඇයි දිනේෂ් ගුණවර්ධන දැම්මේ නැත්තේ ඩලස් අලහප්පෙරුම දැම්මෙ නැත්තෙ ඒගොල්ලො එක්ක හිටියත් රාජපක්ෂ පවුලට විශ්වාස කෙනා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒකයි මේක තුළ තියෙනවා ජනතාවගේ ජන අනුමැතිය හා මැන්ඩේට් එක නැතුව ජාත්‍යන්තර සංවිධාන අපට උදව් කරයි ද මේකෙ තියෙන බරපතලකම ඒකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොහොමද උදව් කරන්නේ මේ ආණ්ඩුවට මොකද්ද තියෙන ජනමතය රනිල් වික්‍රමසිංහ මහත්තයට තිබෙන ජනමතය මොකක්ද එහෙම ජාත්‍යන්තර සංවිධාන ඇවිත් උදව් කරන්නේ නැහැ ඔය ආවේ තාක්ෂණ කරුණු කාරණා ගැන කතා කරන්න විතරයි මේ ආණ්ඩුවට උදව් කරන්නේ කියලා ඒ රටේ ජනතාවගේ මුදල් ගෙනත් දෙන්නේ. එහෙම නැතුව ඒ නායකයන්ගේ පෞද්ගලික මුදල් දෙන්නේ. නැහැ අපිට දෙන්නේ ඒ බදු ගෙවන ජනතාවගේ ඒ මුදල් එය දෙන්නේ කොහොමද ජනතාවගේ ජනමතයක් නැතුව රාජපක්ෂ පවුලට හිතෙන විදියට ඒ ගොල්ල කැමති කෙනෙක් පාර්ලිමේන්තුවේ විකෘති තත්ත්වයක් ඇති කරලා අගමැති කරාට උදව් ලැබෙයිද එහෙම ලැබෙන්නේ නෑ ඒකෙ තමයි ඇත්ත කතාව එදා මැයි මාසේ නම වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අස්වෙන්න කියලා ආපු ඒ පීඩනය රනිල් වික්‍රමසිංහ මැතිතුමා දවස් ඒ අගමැතිකමක් ගන්නේ නැතුව හිටියනම් අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර ගිහිල්ලා ඉල්ලා අස් වෙනවත් එක්කම අළුත් ආණ්ඩුව ජනතාවගේ ආදරයට පාත්‍ර වෙච්ච ජනතාවගේ කැමැත්ත අනුව අලුත් ආණ්ඩුවක් හදා ගත්ත නම් අද අපිට ජාත්‍යන්තර සහාය ලැබෙනවා.

දැන් අපි දකිනවා ගෝල්ෆේස් තරුණයන්ව අත්අඩංගුවට ගන්නවා. කොළඹ නගරයේ විතරක් තරුණයෝ විස්සකට ආසන්න අත්අඩංගුවට ගෙන තියෙනවා අරගලයත් එක්ක සම්බන්ධ වුණා කියලා අපිට පේනවා මර්දනයක් යටින් ක්‍රියාත්මක වෙනවා ඒ වැඩපිළිවෙළත් එක්ක ජාත්‍යන්තර සහයෝගයක් ලැබෙන්නෙ නෑ රනිල් වික්‍රමසිංහ මහත්මයාට දේශපාලන අත්දැකීම් තියෙනවා ඔහු ලෝකයා දන්නවා ඒක ඇත්ත නමුත් රටකට උදව් කරන කොට ඒ අය මේ ලෝකය බලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තියෙනවද මිනිස්සු පිළිගන්න පාලන ක්‍රමයක් තියෙනවද මානව හිමිකම් වලට ගරු කරන වද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා ද යන්නයි ලෝකයට වැදගත් එහෙම ලක්ෂණ පේන්නේ නැත්නම් කවුරුත් උදව් කරන්නේ නෑ මතක තියාගන්න. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දීලා තියෙනවා ලංකාවට උදව් කරන්න කලින් ලංකාවේ රජය මානව හිමිකම් ආරක්ෂා කරන වද මේ කරන ආධාර රටේ ඉන්න අඩු ආදායම්ලාභීන්ට ලැබෙනවා ද බලන්න කියලා ලමොකද අවසානට ඒ ගන්න උදව් වලට ණය ගෙවන්නේ ජනතාව ඒ බව ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයක් දැනුම් දීලා. ඒ නිසා හිතන තරම් වැඩේ ලේසි නෑ .රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජපක්ෂලාව ගොඩ දාන්න කොච්චර උනන්දු වුනත් වැඩේ ලේසි වෙන්නෙ නෑ.

අද වෙනකොට ඉතාම දරදඬු ලෙස ජනතාව පීඩනයට පත් වෙලා ඉන්නවා රෝහල්වල බෙහෙත් නෑ ලෙඩ්ඩුන්ට කන්න දෙයක් නෑ .දරුවන්ට කන්න දෙන්නෙ නෑ ත්‍රීපෝෂ ෆැක්ට්‍රිය වහලා බෙහෙත් ගන්න ගියාම බෙහෙත් නෑ .ළමයි පාසල් වලට යවා ගන්න විදිහක් නෑ තමන්ට වැඩට යන්න විදිහක් නෑ ආදායම් මාර්ග අහිමි වෙලා එන්න එන්න වියදම් වැඩි වෙනවා භාණ්ඩ මිල වැඩි වෙනවා ඩීසල් භූමිතෙල් පෙට්‍රල් නෑ විශාල කඩාවැටීමක් තියෙනවා මේ රාජ්‍ය යන්ත්‍රය කඩා වැටීමත් එක්ක දෙවෙනි රැල්ල කොතැනින් පටන්ගෙන කොතැනින් අවසන් වෙයිද කියන්න බැහැ ඒක මතක තියාගන්න.

නැති බැරිකමින් මිරිකෙන බහුතරය අතරෙන් සාමාන්‍ය සොල්දාදුවන්ගේ බිරිඳක් ඉන්නවා ළමයිත් ඉන්නවා ඔවුන්ගේ පවුලේ ඉන්නවා ඒක කවුරුත් හොඳට මතක තියාගත්තොත් හොඳයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අර්බුදයේ කොටස්කාරයෙක් වෙලා ඉන්නේ එතුමාත් වගකියන්න ඕන ගෝඨාභය බේරගන්න ඉස්සරහට ගියේ නැත්නම් අද මේ රටේ සම්පූර්ණ පරිවර්තනයකට ලක් වෙලා. ජාත්‍යන්තරය අපිට උදව් කරනවා පරක්කු වෙන්නේ ජනතාව අකමැති ජනතා විරෝධය තියෙන ජනාධිපති මන්දිරයෙන් එළියට බැහැගන්න බැරි ජනාධිපතිවරයෙක් එක්ක ඉන්නකොට කවුරුත් උදව් කරන්නේ නැහැ ඒක මේ රට පාලනය කරන සියලු දෙනා දැනගන්නවා රනිල් වික්‍රමසිංහ මේ රටේ බස් පාරකට වැඩිය අගමැති වෙලා ඉඳලා එතුමාටම එක තේරෙන්නේ නැහැ කියන එක ප්‍රශ්නයක් එතුමා ලෝක ප්‍රජාතන්ත්‍රවාදය ගැන දන්නවා.