අපේ රට බංකොලොත් වූයේ කෙසේද? එම බංකොලොත්භාවයෙන් ගොඩ එන්නේ කෙසේද ? සහ නැවත වරක් බංකොලොත් නොවී සිටින්නේ කෙසේද ? කියා සිතිය යුතු බවත් මේ සඳහා පොදු සාධයක් ලෙස ‘දැනුම’ දැක්විය හැකි බවත් ‘දැනුම’ කේන්ද්‍රීයව වැඩ කළහොත් තීන්දු තීරණ ගත හොත් සාර්ථක ඉලක්ක කරා යා හැකි බවත් එබැවින් නැවත වරක් රට බංකොලොත් වන යුගයක් නිර්මාණය වීම වළක්වා ගැනීම මේ ව්‍යාපෘතිවල අරමුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) පැවසීය.

එළඹෙන ජුනි 23 වැනි දාට දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උපන් දිනය සමරන බවත් ඒ වෙනුවෙන් රට පුරා අධ්‍යාපන, සෞඛ්‍ය, සංවර්ධන වැඩකටයුතු රාශියක් හුස්ම සහ සක්වල වැඩසටහන ත-ුළින් ක්‍රියාත්මක කර බවත් එහි එක් පියවරක් ලෙස අද (13) අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට ලක්ෂ 50ක් වටිනා නවීන බස් රථයක් ලබා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරන බවත විවිධ පාර්ශ්ව කිව්වත් බලයට පැමිණි පසු එය අමතක කළත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට ම අපේ රට දැනුමේ කේන්ද්‍රස්ථායක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දමමින් සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරිම උදෙසා 71 වැනි බස් රථය මෙසේ පරිත්‍යාග කරන බවත් එය බණ්ඩාරනායක ශ්‍රිමතානන් සිහිපත් කිරීම උදෙසා එතුමාගේ 11 වැනි සංවත්සරය නිමිත්තෙන් 1970 දී ගිනිනිවන හමුදාවේ ගොඩනැගිල්ලක ගුරුවරු 4 දෙනකුගෙන් ආරම්භ වූ මේ මෙය අක්කර 6ක සීමාවක ඇති බවත් මෙම පාසලට මෙම පරිත්‍යාගය කිරීමට හැකිවිම සතුටට කරුණක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

පාසලකට බස් රථයක් පරිත්‍යාග කරන්නේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා බවත් එම නිදහස් අධ්‍යාපන සංකල්පය නව යුගයට ඔබින ආකාරයට නවීකරණය කර නූතනවාදීව ශක්තිමත් කිරිම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනයට අමතරව සෞඛ්‍ය ද රටේ දියුණුවට හේතුවක් වන නිසා ඒ සම්බන්ධයෙන් ද විපක්ෂය දැඩි අවධානයක් යොමු කර ඇති බවත් ඒ සඳහා මිලියන 171.9ක රෝහල් උපකරණ හුස්ම වැඩසටහන යටතේ සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේ ම හොරකම් මැරකම් අල්ලස දූෂණය නතර කරනවා පමණක් නොව එසේ හොරකම් කරන ලද මුදල් නැවත රටට ලබා ගෙන එම මුදල් සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා යොදවා එම ක්ෂේත්‍ර සංවර්ධනය කරන බවත් ඊට අමතරව හොරු සියල්ල නීතිය හමුවට ගෙනවිත් දඩුවම් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.