හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට නිල නිවස ලෙස ලබා දී තිබූ රජයට අයත් ගොඩනැගිල්ල වත්මන් ආණ්ඩුවේ දේශපාලන පක්ෂ කාර්යාලයක් ස්ථාපිත කර තිබීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට විපක්ෂය තීන්දු කර ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබූ මලලසේකර මාවතේ පිහිටි නිලනිවෙස මේ වනවිට ප්‍රසන්න රණතුංග මහතාට හා නිමල් ලන්සා මහතාට බාර දී ඇති බවත්, ඉදිරි මැතිවරණයක් ඉලක්ක කරගෙන එහි සිට දේශපාලන රැස්වීම් සංවිධාන කරන බවත්ය.

ඊයේ රැස්ව ඇති විපක්ෂයේ ප්‍රධාන පක්ෂ කිහිපයකම නියෝජිතයන් මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කොට ඇති අතර මෙසේ රජයට අයත් නිල නිවෙසක් දේශපාලන කටයුතු සදහා ලබා දුන්නේ කවර පදනමකින්ද යන්න පිළිබදව ඊළග පාර්ලිමේන්තු වාරයේදී ප්‍රශ්න කිරීමට ඔවුන් තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.