ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජීවත් වීයේ අයිතිය නැති වුවහොත් අනෙකුත් අයිතිවාසිකම් ද නැතිව යන බවත් බියෙන සැකෙන් ජීවත් වෙන්න මේ සමාජයේ අපට හැකියාවක් පවතිනවාද කියා ගැටලුවක් පවතින බවත් බලෙන් ලබා ගත් ජන වරමක් නැති ජනාධිපතිවරයෙක් රටේ වැදගත් තීන්දු තීරණ ගත්තේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් පසුගිය දා කුරුණෑගල පැවැති සමගි ජන බලවේග තරුණ සමුළුව අමතමින් නීතීඥ භාග්‍යා සෙනෙවිරත්න මහත්මිය පැවසීය.

නිදහස ඉල්ලා සිටි තරුණ තරුණියන්ට බැටන් පොල්ලෙන්, කදුල් ගෑස් වලින් පහර දී සිරගත කිරීම කවදාවත් අමතක නොවන බවත් තරුණයන්ට නැගී සිටිමට හැකි වපසරියක් වත්මන් ආණ්ඩුව ඇති කර තිබෙනවාද කියා ද ගැටලුවක් පැන නගින බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

කෝට්ටේ යුගයේ සිටි බුවනෙකබාහු රජුගේ දොන් ජුවන් ධර්මපාල නම් කුමාරය රූකඩයක් සේ පෘතුගීසීන්ගේ මතයට අනුව කටයුතු කරමින් රට අදූරදර්ශීව ගෙන ගිය බවත් එය අදත් ක්‍රියාත්මක බවත් එදා ජුවන් ධර්මපාල අද ජුවාන් වික්‍රමසිංහ වී එක එක රටට ඕනි විදිහට අප රටේ තීන්දු තීරණ ගන්නා බවත් ඇය වැඩිදුරටත් පැවසීය.