චීන ගූ නැව රටට ගෙන්න ගන්නේ නැහැ කියලා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා විසින් ප්‍රකාශ කළ බවත් ඔය ඇමතිවරයා මීට පෙර කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ ඉන්න තාක් කල් මේ රටට එක හාල් ඇටයක් වත් ගෙන්වන්න දෙන්නේ නැති බවට දිවුරලා පොරොන්දු වූ බව පා.ම.රෝහණ බංඩාර මන්ත්‍රීවරයා පැවසීය .

ඇමති මහින්දානන්ද කෙළින් ද ඉන්නේ වැනි වැනි ද ඉන්නේ කියන එක තේරුම් ගැනීම රටේ ජනතාවට බාර දෙන බවත් අතේ පැලවෙන පට්ටපල් බොරු කිසිම හිරිකිතයක් නැතුව කියන්න පුළුවන් මෑත කාලයේ ඉන්න එකම පුද්ගලයා ඇමති මහින්දානන්ද බව පැවසීය .

ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ආණ්ඩුව අර්බුද රැසක් නිර්මාණය කර ඇති බවත් විශ්‍රාමිකයන් ගේ අරබුදය ආණ්ඩුව විසින් නිර්මාණය කළ ආණ්ඩුවම විසඳුම් ලබා දී ලකුණු ගන්න උත්සාහ දරණ බවයි. පසුගියදා මුතුරාජවෙල අර්බුදයත් ආණ්ඩුව විසින්ම ඇති කර දැන් එය රිවස් කර විප්ලවයක් පාන්න හදන බව පැවසීය .

අර්බුද ආණ්ඩුවම හදලා ඒවා විසඳුවා කියලා මෙයාලට ලකුණු එන්නේ නැති බවත් මේ රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දිය යුතු බව පැවසීය .

යහපාලන ආණ්ඩුව එපා කියලා මේ ආණ්ඩුව හදාගත්තේ පහුගිය රජයන් කරපු වැරදි නිවරදි කර ගැනීමට බවත් තමන් කරපු ඔලමොට්ටල කම් නිසා ජනතාව තුළින් ප්‍රතික්ෂේප උනාට පස්සේ ඒවා රිවස් කර ලකුණු දාගන්න හැදුවට රටේ ජනතාව ඒ ගොනා විකුණා ගොඩක් කල් බව පැවසීය.