ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ දරු පරපුර වෙනුවෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන සක්වල වැඩසටහන මගින් අද (22) දිනයේදීත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට ‍නියමිතව තිබේ.

ඊයේ දිනයේදී සක්වල වැඩසටහන යටතේ 160 වන සුහුරු පන්ති කාමරය හම්බන්තොට බෙලිඅත්තේ ඉහළ බෙලිගල්ල මහා විද්‍යාලයටත්, 161 වැන්න හම්බන්තොට මුලිකිරිගල වීරකැටිය මීගස්ආර මහා විද්‍යාලයටත්, 162 වැන්න හම්බන්තොට බෙලිඅත්ත වලස්මුල්ල මුරුතවෙල මහා විද්‍යාලයටත් ලබා දීමට විපක්ෂ නායකවරයා විසින් කටයුතු සිදුකල අතර එම පාසල් වල දරු දැරියන්ගේ ඉමහත් උද්යෝගය මැද ඉතාමත් සාර්ථකව එම කටයුතු සිදුවිය.

ඒ අනුව අද දිනයේදී සක්වල වැඩසටහන යටතේ පිරිනමන 163 වන සුහුරු පන්ති කාමරය හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය ඕකන්දයාය මහා විද්‍යාලයටත්, 164 වැන්න හම්බන්තොට තංගල්ල විතාරන්දෙණිය මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.