මේ වන විට පළාත් පාලන අපේක්ෂකවරු සහ සංවිධායකවරු සමඟ එක්ව මැයි දිනයේ සංවිධාන කටයුතු සිදුකරමින් සිටින බවත් මෙවර මැයි රැලියට ලක්ෂ එකහමාරකට අධික පිරිසක් සම්බන්ධ කරගැනීමට කටයුතු සිදුකරමින් සිටින බවත් සමගි ජන බලවේගයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා පවසනවා.

එතුමා කියා සිටින්නේ මේ වන විට මැයි දිනයට සහබාගී වන ලක්ෂ එකහමාරකට අධික පිරිසක් හසුරුවගැනීමේ අභියෝගයකට මුහුණදී සිටින බවයි.

සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් කියා රජය විසින් මේ වන විටත් මැයි රැලිය පැවැත්වීමට සුදුසු ස්ථානයක් සමගි ජන බලවේගයට ලබා දී නොමැති බවයි.

පසුගියදා (21) සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂණ විරෝධී බලවේගයේ ජාතික සංවිධායක මුජිබර් රහ්මාන් මහතා කියා සිටියේ මැයි රැලිය පැවැත්වීමට සමගි ජන බලවේගය ඉල්ලා සිටි තැන සමගි ජන බලවේගයට ලබා නොදී ජනතා විමුක්ති පෙරමුණට ලබා දීමට රනිල් වික්‍රමසිංහ සහ ටිරාන් අලස් කටයුතු සිදුකර තිබෙන බවයි.