පාර්ලිමේන්තුව සහ ප්‍රදේශිය සභා හැර රටේ කොහේවත් ආණ්ඩුවක් වර්තමානයේ නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි .

ඒ මහතා කියා සිටියේ ලංකාවේ භාණ්ඩ මිල ඉහල යාමට කොරෝනා හේතුවක් නැති බවත් වෙනත් රටවල භාණ්ඩ මිල ගණන් ඉදිරිපත් කරමින් මිල ගණන් සන්සන්දනය කල කල විට එය තේරුම් ගත හැකි බවයි.

ලංකාවේ දරිද්‍රතාවය 12% වන බව පවසන රාජිත සේනාරත්න මහතා කියා සිටියේ මේ ආණ්ඩුව බලයට පැමිණි පසු දරිද්‍රතාවය 7.5% කින් වර්ධනය වී ඇති බවයි .

අවධිමත් විදියට මුදල් අච්චු ගැසිම හේතුවෙන් ජත්‍යන්තර පිළිගැනිම ද නැති වී ඇති බවත්
ගොවියන් විසින් නිර්මාණය කළ ආණ්ඩුව වර්තමානයේ පවතින ක්‍රියා පටිපාටිය හේතුවෙන් ගොවීන්ට මුහුණ දිමට නොහැකි තත්ත්වයට උග්‍ර වී ඇති බවත් ඒ ගැන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වන නමල් පියතිස්ස මහතා කියා සිටි බව රාජිත සේනාරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය .