මේ අවස්ථාව වන විට රටේ පොලීසිය සහ අතිරේක හමුදාවක් ඇතිව බරපතළ ලෙස ජනතාව නීති විරෝධී ලෙසින් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම මර්ධනයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට මැලි නොවන බවත් විපක්ෂනායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවේදී සමගි නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා.

මේ අවස්ථාව වෙන විට රටේ පොලීසිය සහ අතිරේක හමුදාවක් ඇතිව බරපතළ ලෙස ජනතාව නීති විරෝධී ලෙසින් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. එය රඹුක්කන දී, කොළඹදී ,ගාල්ලේ දී සහ නොයෙකුත් ස්ථානවල සිදුවුණා ඒ වගේම නොයෙක් අවස්ථාවලදී පොලිසිය පිස්සු බල්ලො වගේ කටයුතු කරන තත්වයට පැමිණ තිබෙනවා. මේ පිළිබඳව අතීතයේදී නොයෙක් නීති මූලධර්ම නඩු තීන්දු තියෙනවා මේ අයට විරුද්ධව අපි පියවර ගැනීමට මැලි වෙන්නේ නැහැ.

මේ නීති විරෝධී තත්වය යටතේ කිව යුතු දෙයක් තියෙනවා කොළඹ අරගලයේදී ඇතිවූ සිද්ධියේදී එයට නායකත්වය දුන්න කෙනෙක් තමයි දේශබන්දු තෙන්නකෝන් කියන පොලිස් නිලධාරියා ඔහු එතැන හිටපු ජ්‍යෙෂ්ඨම නිළධාරියා ඔහුව මේ වෙන විට කියා සිටියේ නියෝගය දුන්නේ පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා කියලා නමුත් මේ වන විට ජගත් අල්විස් ලේකම්වරයා සීඅයිඩී එකට ප්‍රකාශයක් කරලා තියෙනවා. තෙන්නකෝන් මහතා ඔහුට පොරොන්දු වුණා සාමය කඩවීමක් වෙන්නේ නැහැ කියලා .කෙසේ වෙතත් ජගත් අල්විස් ලේකම්වරයා පොලිස් නිලධාරියෙක් නෙමෙයි පොලිස් නිලධාරීන්ට නියෝග දීමට හැකියාවක් තියෙන කෙනෙක් නෙමෙයි එහෙම තත්වයක් යටතේ මේ ක්‍රියාවට උල්පන්දම් දීපු තෙන්නකෝන් මේ වෙනකොට අත්අඩංගුවට ගත යුතුව තියෙනවා. අපි දැක්කා එක්තරා අවස්ථාවක දී එතුමාගේ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සැකකටයුතු පුද්ගලයෙක් විදියට නම් කරලා ඔහු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාමාර්ගයක් ගැනුවා. ඒ වගේම අපි බලාපොරොත්තු මේ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊළඟ නඩු දිනයේදී දේශබන්දු තෙන්නකෝන් කියන පුද්ගලයා සැකකරුවෙක් හැටියට අරගලය සඳහා උඩගෙඩි දීපු පුගලයෙක් හැටියට ඔහු අත් අඩංගුවට ගැනීමක් සිදු කළ යුතුව තිබෙනවා. නැත්නම් දේශබන්දු තෙන්නකෝන් මේ රටේ ජනාධිපති වඩා බලතල තියෙන කෙනෙක් වෙන්න බැහැ දේශබන්දු තෙන්නකෝන්ට මෙන් නීති ක්‍රියාත්මක කරන්නෙ නැත්නම් එසේ කරන්න හේතුවක් තිබිය යුතුයි.

ඒ වගේම මේ රටේ ත්‍රෛනිකායික භික්ෂු නායක ස්වාමීන් වහන්සේලා විසින් ඉතාමත් වැදගත් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා එහි කියලා තිබුණා දහනමවැනි සංශෝධනය සඳහා ගෙන ආ යුතු සංශෝධන වහාම ගෙන එන්න කියලා ඒත් එක්කම කියලා තිබුණා ස්ථිර වශයෙන්ම සත්‍ය් වශයෙන්ම දේශපාලන පක්ෂවලින් අන්තර් පාලනයක් ගෙන එන්න කියලා එය වුණෙත් නැහැ ඒත් එක්කම දින වකවානු නියම කරලා මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් උන්වහන්සේලා පෙන්වා දී තිබෙනවා මේ යෝජනාවලිය තමයි ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ අයත් යෝජනා කරලා තිබුණේ සිවිල් සංවිධාන සියලුම දෙනා විසින් යෝජනා කරලා තිබුණේ ඒ නිසා මෙතනට රජය මේ රජයට අපි බලකර සිටිනවා ඒ තත්ත්වය දක්වා එක පාර්ලිමේන්තුවේ අසුනක් තියෙන කෙනෙක් අගමැති කිරීමේ මේ ප්‍රශ්නය විසඳන්න බෑ ඒ බව එතුමාම පෙන්වා දීලා තියෙනවා මේක සියලුම අන්තර්ජාතික ප්‍රජාවට ස්වාස nee ඇති වෙන විදිය ියලුම පක්ෂවල එකතුවීමක් ජාතික රජයක් හැටියට මේ කෙටි කාලය තුළ අවශ්‍ය වෙනවා ඒ නිසා අපි ඉල්ලා හිටිනවා මේ පිළිබඳව රජය වහාම පියවර ගනී කියලා.